වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඡ්‍යොතිෂ්‍යයෙන් ඉදිරිය දෙස බලමු
කොස්ගොඩ ,දෙව්මි වයස අවු. 17 යි. අධ්‍යාපනය හා රැකියාව කෙසේ වේද?
පිළිතුර :– තුලා ලග්න මකර නවාංශක රේවතී නැකත දැනට දසාව සිකුරු, බලවත් ජන්ම පත්රයකි. සිකුරුගෙන් මාලවී යෝගයත් ගුරුගෙන් හංස යෝගයත් උදාකරගෙන ජන්මය ලද ඔබගේ ජන්ම පත්‍රයෙහි අධ්‍යාපනයේ දක්ෂතා පෙන් විය හැකි ග්‍රහ පිහිටීම් ද ස්ථාපිතව ඇත. බුධ ආදිත්‍යය යෝගය හෙවත් ර.බු. යෝගය ඉන් ප්‍රධාන තැනක් ගනී. මෙම යෝගය අධ්‍යාපන කටයුතුවලට බෙහෙවින්ම ඉහළ සහයෝගයක් දෙනු ඇත. සමහර ඡ්‍යොතිෂවේදීන් ඔබට කලා අංශයෙන් අධ්‍යාපනය හදාරන්නැයි උපදෙස් දී ඇත්තේ ලග්නාධිපති මෙන්ම කලා කටයුතු කෙරෙහි දක්ෂතා පෙන්විය හැකි සිකුරු ගෙන් මාලවී යෝගය උදා වී ඇති නිසා විය හැකිය.
එහෙත් ඊට වඩා බලවත්ව කුජ 11 වැන්නේත් බුධ 12 වැන්නේත් ස්ථාපිත වීමත් ර.බු. යෝගය පිහිටීමත් ඔබට ඔබ බලාපොරොත්තු වන පරිදි ගණිතය අංශය තෝරා ගැනීමට රුකුලක්ව ඇත. කුමන අංශය තෝරා ගත්තත් උසස් අධ්‍යාපනයට බාධා කරන පිහිටීමක් වන බුධ ඔබේ 22 වන දෙර්කාණාධිපති වීම ඉදිරියේ දී අධ්‍යාපනය කෙරෙහි තරමක් අසුබවාදීව බලපාන්නට ඉඩ ඇත. බුධ වෙනුවෙන් කළ යුතු සත්කාර නිසි ලෙස කරන්නේ නම් එම දුර්වලතාවයද මඟහැරවා ගත හැක.
රැකියා ස්ථානය වන 10 වැන්න හා රෝගස්ථානය වන 6 වැන්න අතර පරිවර්තන යෝගයක්ද ස්ථාපිතව ඇත. රැකියා ස්ථානයේ කරදර බාධක මෙන්ම රැකියාවෙන් ඉදිරියට යාමට ඇති බාධා ද මෙයින් පෙන්වයි. සතුරු කරදරවලට ද (රැකියා ස්ථානයේ) මුහුණ දීමට සිදුවනු ඇත. ඉවසීමෙන් හා කල්පනාකාරීව කටයුතු කළහොත් එම බාධාද මැඩ පවත්වා ගැනීම ඔබට අසීරු කරන්නක් නොවේ. දැනට ගතකරනු ලබන දසාවත්, මාලවී යෝගයත්, හංස යෝගයත් ඔබට මෙම කාලය තුළ ජනපි‍්‍රයත්වයේ ඉහළ තලයකට යාමට මහෝපකාරී වනු ඇත. ඔබගේ ප්‍රසන්න පෙනුමද ඊට ඉවහල් වනු ඇත.
02.පිළියන්දල නිමන්ති මධුමාලි වයස අවු.29 යි. විවාහය පමා වන්නේ ඇයි?
පිළිතුර :– මකර ලග්න කන්‍යා නවාංශක දෙනට නැකැත. දැනට දසාව ගුරු විවාහ ස්ථානය වූ 7 වැන්න ශනි, රාහු ගේ දෘෂ්ටියෙන් පීඩාවීමත් විවාහ ස්ථානයේ කේතු හා ගුරු ස්ථාපිත වීමත් විවාහකාරක සිකුරු 12 වැන්නවූ දුෂ්ට ස්ථානයේ උපතේදී ස්ථාපිත වීමත් දුර්වල පිහිටීම් ය. මීට අමතරව 7 වැන්නේ සිටින ගුරු නීච තත්වයෙන් උපතේදී සිටී. නීච ග්රහයෙකු විවාහ ස්ථානයේ සිටීම විවාහයටත් , විවාහයේ යහපත් පැවැත්මටත් බාධා ගෙන දීමකි. පෙරකී ග්‍රහයින් කිසිවෙකු විවාහයට සුබවාදීව දායකවන ග්‍රහයින් නොවේ. විවාහ ස්ථානය වූ හත් වැන්න අධිපති සඳු පවා දෙවැන්නේ දුර්වලව ස්ථාපිතව සිටී. විවාහ ස්ථානයට කිසිඳු සුබ දෘෂ්ඨියක්ද නැත. මේ කරුණු සියල්ල ඔබේ විවාහයට අහිතකරව බලපානු ඇත. දැනට ගතකරන උපතේදී නීච ගුරුගේ මහ දසාවද එතරම් සුබවාදී නැත. පත්තිනි මෑණියන්ට බාරයක් වී සඳු, ගුරු වෙනුවෙන් බෝධිපූජා පවත්වා ඔබගේ බලාපොරොත්තුව කෙරෙහි උනන්දුවන්න.පත්තිනි මෑණියන්ට දැනටත් බාරහාරවන්නට ඇත.කඩුවෙල පත්තිනි දේවාලයට බාරයක් වන්නේ නම් වඩාත් සුබයි.
03.ඇත්කඳුර නිෂාමනී වයස අවු. 38 යි. ඉදිරි අනාගතය විවාහය හා සෞඛ්‍යය කෙසේද?
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
“ඡ්‍යොතිෂයෙන් ඉදිරිය දෙස බලමු”
ඡ්‍යොතිෂවේදී
යසපාල දික්මාදුගොඩගෙන්
ඔබේ පැනයට පිළිතුරු