වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සිව් සැට වැනි නවාංසකය
මැයි 10, 2019
ජන්ම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා මැ අයහපත් පල ඇතිකරන ගහයන් හත් දෙනාගෙන් එක් කෙනකු බව ඔබ දනිති. එය ලග්නයෙන් ද සඳු ගෙන් ද යන දෙපිළිවලට මැ බලපානා බව පැරැණි ඉසිවරුන් පෙන්වා දී ඇත.
එය “ඛර” නවාංසකය යන නමින් ද හඳුන්වා ඇත. “ඛර” යනු සකුවෙහි,තද, දැඩි, කුරිරු යන අරුත් දෙන වදනකි. මේ කුරිරු නවාංසකය හිමියා ඇතිකරන කුරිරු පල විපාක ගැනද සැලැකිලිමත්වීම වැදගත් වෙයි. මීට ඉහත පළ කළ 35 වැනි පැටුමෙහි ලා, ‘ජිද්රගහ’ යන නමින් ඉසිවරුන් හඳුන්වා ඇති ගහයන් හත් දෙනකු ගැන සඳහන් කළෙමි. “ජිද්රා” යනු “සිදුරුකරන” යන අරුත ඇති සකු වදනකි. 64 වැනි නවාංසකය අදිපතියා ද ඒ හත් දෙනා ගෙන් එක් ගහයෙකි. ඒ හත් දෙනා ගෙන් බලවත් මැ ගහයා ගේ දසා, අතුරු දසාවකදී කෙනකු ගේ මරණය සිදු වන බව ද ඉසිවරුන් පෙන්වා දී ඇත. එ පමණක් නො වැ ලග්නයෙන් හෝ සඳු ගෙන් හෝ 64 වැනි නවාංසකය යෙදෙන තැනින් රාහු ගමන් කරන අවස්ථාවක තමා ගේ හිතවත් නෑයකු ගේ මරණය සිදු වීමට ඉඩ ඇති බව බලභද්රයෝ පෙන්වා දෙති. රාහු මේ තැන ඉක්මවා යාමට මාස දෙකක පමණ කාලයක් ගන්නා බව ද කියා ඇත.
මේ 64 වැනි නවාංශකය අදිපතියා දුස්ට රාසියකට වැටී සෙනසුරු හා එක්වී ඇත්නම් ඒ තැනැත්තා ගේ මරණය සිදුවන්නේ වස ශරීරගත වීමෙන් බවත්, එම 64 වැනි නවාංසකය අදිපතියා දුස්ට රාසියක දී රාහු හෝ කේතු හෝ සමඟ එක් වී ඇත්නම් ගෙල හිරවීමෙන් මරණය සිදුවන බවත් “ජාතක පාරිජාත” නම් දෝ සතර පොතේ සඳහන් වී ඇත.
මෙ සේ මෙම 64 වැනි නවාංසකය මතින් පමණක් නොව, එහි අදිපතියා දුස්ට රාසියක තැන්පත් වී ඇත්නම් ඒ මතින් පාප ගහයකු ගමන් කරන කාලසීමාව ද අයහපත් කාලයක් බව දත යුතු වෙයි.
එ වැනි අවස්තාවක තමන් කෙරෙහි බලපාන මහ දසාව හෝ අතුරු දසාව හෝ පාපයකු ගේ වුව හොත් එයින් ඇතිකරන පලයද ඉතා මැ අයහපත් වනු ඇත. පලාපල කීමේදී එ බඳු තැන් ගැන ද සැලැකිලිමත් වීම වැදගත් වෙයි.
ජන්ම කේන්දරයක් අතට ගත් සැණින් 64 වැනි නවාංසකය සොයාගැනීමේ පහසු පිළිවෙළක්ද ඇත. 64 දොළහෙන් බෙදූ විට 4 ක් ඉතිරි වෙයි.
එ හෙයින් නවාංසක සටහනේ 4 වැනි කොටුව හිමියා 64 වන නවාංසකය අදිපතියා වෙයි. නිදසුනක් ගෙන බලමු.
මීන නවාංසකයේ සිට සිව් වැන්න මිතුනය යි. මිතුනය බුදට හිමියි. එ හෙයින් මේ කේන්දරයේ 64 වැනි නවාංසකය අදිපතියා බුද යි.නවාංසකය එකින් එක ගණන් කැර බැලූ විට එය නිවැරැදි බව පෙනෙයි. කන්‍යා රාසියේ මීන නවාංසකයේ සිට ඉදිරියට නවාංසක හතක් ඇත. එ තැන් සිට තුලා, වෘශ්චික , ධනු, මකර , කුම්භ, මීන යන රාසි හයෙහි නවාංසක පණස් හතරකි. (9ය6=54) යි.ඒ 54 ද කන්‍යා රාසියේ නවාංසක හතට එකතු කළ විට 61 ක් වෙයි. ඊළඟ මේෂ රාසියේ නවාංසක ඇරඹෙන්නේ මේෂයෙනි. එහෙයින් , මේස, වෘෂභ, මිතුන යන නවාංසක තුන ඉහත හැට එකට එක් කළ විට 64 වෙයි. එ හෙයින් ඉහත කී කෙටි ක්‍රමය නිවැරැදි බව පැහැදිලි වෙ යි.
මෙ සේ ඕනෑම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා පහසුවෙන් සොයා ගත හැක.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
හේමසිරි කුමාරණතුංග
෴ සබැඳි ලිපි ෴
ජන්ම පත්‍රයක පලාපල විමසීමට හෝ විවාහ පරීක්ෂාව සමඟ පොරොන්දම් ගළපා ගැනීමට මෙන්ම අලුත උපන් බිලිඳාට නම තැබීමට ගැළපෙන ශුභ අක්ෂර ලබා ගැනීම සඳහා වැනි...
2024-01-18 18:30:00
ඕරාව (Aura) පිළිබඳ විවිධ තතු විවිධ ග්‍රන්ථාභ්‍යන්තරයෙහි වේ. ස්වකීය භෞතිකමය සිරුර වටා ඇති ශක්තිමය සිරුරක් පිළිබඳවය මෙහිදී සාකච්ඡා වනුයේ. ඒ සඳහා විවිධ...
2024-01-11 18:30:00
උදේ සවස මේ බුදු පහනේ ආලෝකයෙන් ඔබගේ නිවෙස එළිය වෙන්නට ඇති.එහෙත් සමහර අය බුදු පහත තබන ගමන් එහි ගුණයක් නොමැති බව හා නිතරම කරදරමයි. කියන වාර...
2024-01-11 18:30:00
මෙරට පිරිමින්ගෙන් බොහෝ දෙනකු මත්පැන් පානයට පෙළඹී වී සිටින හෙයින් යුග දිවියට එළඹීමට පෙර ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. තමාගේ සහකරු මත්පැනට...
2024-01-11 18:30:00
ජන්මියකුගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳව පෙන්වන්නේ 4 වැනි භාවය මඟින්ය. ජන්මියා යොමුවන මූලික අධ්‍යාපන ක්ෂේත්රය සහ එහි ඇතිකර ගන්නා ප්‍රගතිය 4 වැනි භාවය...
2023-12-28 18:30:00
වත්මන් සමාජයේ තරුණ අසහනයට බලපාන ප්‍රධානම හේතුව වන්නේ රැකියාවයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් නොලදහොත් ඊළඟ අපේක්ෂාව වනුයේ ද...
2023-12-28 18:30:00
හස්ත පරික්ෂාවේදී ඉතාමත් වැදගත් තවත් එක් අංගයක් ලෙස නියපොතු හැදින්විය හැකිය. අපගේ යම් යම් කටයුතු සඳහා උපකාරි කර ගැනිමට මෙන්ම ඇඟිලිතුඩුවල ආරක්ෂාව සඳහා...
2023-12-21 18:30:00
‘සිවාලිඛිතය’ අපූර්ව ශාස්ත්‍ර රත්නයකි. මේ සම්බන්ධව ලියැවී ඇති ග්රන්ථ කිහිපයකි. ඒ අතර වයි.ඒ. හරමානිස් අප්පුහාමිගේ (1940) ග්‍රන්ථය, ගුණරත්න...
2023-12-21 18:30:00
ක්රිෂ්ණ මූර්ති පද්ධතිය අනුව ජන්ම පත්‍රය මඟින් පෙන්වන වෙනත් කරුණු ගැන විශ්ලේෂණය කිරීම සඳහා පහත දැක්වෙන කරුණු පිළිබඳව අවධානය කරන්න. උපතේදී පැවති දශා...
2023-12-14 18:30:00
ශක වර්ෂ 1945 ක් වූ වෘශ්චික රවි 29 භාග උඳුවප් පුර තියවක තිථිය ලත් කිවිදින සිට ධනු රවි 06 භාග උඳුවප් පුර නවවක ලත් ගුරු දින දක්වායි. ග්‍රහයෝ...
2023-12-14 18:30:00
හස්ත රේඛා ශාස්ත්‍රය භාවිතයෙන් පලාපල කථනය සඳහා අත්ලේ හැඩය සැලකිල්ලට ගැනීම නිවැරැදි පලාපල කථනය සඳහා ඉතාම වැදගත් වන බව කිව යුතුය. එම නිසා මෙහිදී අත්ලේ...
2023-12-07 18:30:00
ශකවර්ෂ 1945ක් වූ වෘශ්චික රවි 22 භාග ඉල් අව එකොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 28 භාග උඳුවප් පුර දියවක තිථිය ලත් ගුරු දින දක්වායි. ග්‍රහයෝ...
2023-12-07 18:30:00
දිනූ තත්ත්වයශකවර්ෂ 1945 ක්වූ වෘශ්චික රවි 15 භාග ඉල් අව ජලවක තිථිය ලත් කිවිදින සිට එම රවි 21 භාග ඉල් අව දසවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2023-11-30 18:30:00
පුද්ගලයකුගේ සුළැඟිල්ල නමින් හැඳින්වෙන බුධ ඇඟිල්ල පරික්ෂා කිරිමෙන් ඒ පුද්ගලයාගේ කථිකත්වය, තර්කන හැකියාවන්, ආර්ථිකය, ලිංගිකත්වය ආදි වු කරුණු ගණනාවක්...
2023-11-23 18:30:00
මුලින්ම අප යොදා ගන්නා ලද්දේ පාලක ග්‍රහයන් පස්දෙනෙකු පමණි, එහෙත් පසු කාලවලදී ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුගාමිකයන් විසින් තවත් ග්‍රහයන් දෙදෙනකුද පාලක ග්...
2023-11-16 18:30:00
කේන්ද්‍ර විමසුමේ දී යොදා ගන්නා වූ න්‍යාය ධර්මයන් බොහොමයක නම් අප අසා ඇත්තෙමු. ඉන් එකක් නම් නාඩි ඡ්‍යොතිෂ න්‍යායයි. සත්‍ය වශයෙන්ම ‘නාඩි’ යනු සංහිතා...
2023-11-16 18:30:00