සාරධර්ම පිරි මිනිසුන් බිහි කළ යුත්තේ කොතැනින්ද?

ජූලි 17, 2020

අද මිනිසා තුළ සාරධර්මවල අඩුවක් පවතින බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. කිසිවකු කියන කිසිවකු අසන දේකට කන් නොදී ඔහේ  අයාලේ දුවන පිරිසක් අපට නිතර දේවේලේ දකින්නට ලැබේ. ඒ නිසාම අද රට කිසියම් අසරණ තත්ත්වයකට පත් වී ඇති බව පෙනෙන්නට තිබේ. අතීතයේ මිනිසුන් තම මවුපියන් සොයුරු සොයුරින් ඥාතීන් හෝ අසල්වැසියන් කියන දේකට කන් දුන්නේ නිරායාශයෙනි. ඒ නිසා එදා සමාජයේ හැදියාව සමානාත්මතාව එකමුතතුකම ඉතා අගේට සුරැකුණි. කෙනෙකුගෙන් කෙනෙකුට ආශිර්වාදය ප්‍රසංසාව නොඅඩුව ලැබුණි. කෙසේ නමුදු අද ඔහේ නන්නත්තාරව ගමන් ගන්නා පිරිසක ඒකරාශීවීම රටට ඇති විපතක පෙර ලකුණු පල කරන්නා සේ ය. 

සමාජයට දොස් කියනවාට වඩා නිවස තුළ හැඩ ගැසෙන දරුවාගේ ජීවන රටාව කෙබඳුදැයි සිතා මුලින්ම නිවස දෙසට සිත යොමු කළ යුතුයි. හොඳ මවුපියන්ගේ දරුවා කවදත් හොඳට කියනදේ අසයි. සාරධර්ම සුරකියි නිහතමාණිය එවිට එම දරුවා උස් මහත්වී සමාජයට යන්නේ සුදුස්සන් විලසටය. ඒ අය සමාජයේ දී සමාජය කොතෙක් දූෂිත වුවත් දූෂිත වන්නේ නැත අසීලාචාර වන්නේ ද නැත. මහ මේරු පර්වතය හිස මතට කඩා වැටුණක් සැලෙන්නේද නැත. එබඳු දරුවා සමාජයට රටට ආශිර්වාදයකි. නමුත් නිවසේ මවුපියන්ට අවනත නොවී මවුපියන්ගේ නරක උපදේශ නරක ආදර්ශ මත පෝෂණ වූ අසීලාචාර දරුවා සමාජයට එනවිට හොඳ සමාජයද අශිෂ්ට සම්පන්න වනු ඇත. දූෂිත වනු ඇත. ඒ නිසා එබඳු විටක සමාජයට දොස් නගා හරින්නේද නැත. දොස් නැගිය යුත්තේ එබඳු අසීලාචාර දරුවන් හැදූ වැඩූ මවුපියන්ටමය. ඒ අතින් බලන විට යම් යම් පුද්ගලයන් පාසලෙන් හෝ සමාජයෙන් නරක මිනිසුන් වන්නේද නැත. ගුරුවරු දරුවාට දැනුම දෙයි. එහෙත් ඔහුට වර්තමානයේ දරුවාට ගුණ ධර්ම කියාදීමට කල් වේලාද නැත. පෙර අතීතයේ පාසල් අධ්‍යාපනය ඉතා නිදහස් නිවහල් එකක් වූ නිසා පාසලෙන් සාරධර්ම උගත් දූ දරු පිරිසක් ද බිහි වූහ. එහෙත් ඉතා සංකීර්ණ සමාජයක, සංකීර්ණ අධ්‍යාපන රටාවකට ගොදුරු වූ මේ ක්‍රමය තුළ ක්ෂණික උගතුන් බිහි කිරීමට පාසල් කාල වේලාව නොසෑහෙන නිසා අද උගතුන් මිස ගුණවතුන් බිහි කිරීමට ඇති ඉඩකඩ ද අහිමි වී ගොසිනි. 

ඊළඟට ටියුෂන් පන්තිය ගත්තත්, ඒ සංකීර්ණ ඉගෙනුම් රටාවට නතුවූ ටියුෂන් ගුරුවරයා වෙතින් සාරධර්ම සඳහා පාඩමක් කොහෙත්ම සිදු වන්නේ නැත. අද බොහෝ විට මුදලට නතු වූ සමාජ රටාව තුළ එබඳු සාරධර්ම මධ්‍යස්ථාන පිළිබඳ සිතීම පවා නිශ්පලය. නමුත් දහස් ගණනින් ටියුෂන් පන්ති පවත්වාගෙන යන ගුරුවරු අතර අතරින් පතර එක්කෙනෙකු දෙන්නෙකු හෝ ගුණවත් ටියුෂන් ගුරු මවුපියවරු නැතුවා ද නොවේ. එහෙත් බහුතරයක් නාහෙට නාහන තරුණ සිසු සිසුවියන් බොහොමයක් නරකට පෙළෙඹෙන මධ්‍යස්ථාන ලෙස ටියුෂන් පන්තිය යොදාගෙන තිබෙන අයුරු කණගාටුවට කරුණකි. ආදරය කිරීම, විවිධ නොහොඹිනා හුරු පුරුදු ඇතිකර ගැනීමට බොහෝ දරුවන් යොදා ගන්නේ ටියුෂන් පන්තිය බව අප දනිමු. එහෙයින් හොඳ ගුණ ගරුක ටියුෂන් ගුරුවරු සිටින මුදලටම සිය දැනුම නොදෙන ගුණගරුක ගුරුවරුන් සිටින ශිල්පායතන පිළිබඳවද සිතා සොයාබලා තම දූ දරුවන් ඒවාට යොමු කිරීමට දෙමාපියන් වගබලාගත යුතුව ඇත. එවිට සමාජයට පිළිලයක් නොවූ දරුවන් බිහි කිරීමට ඔබට අපට හැකියාව ඇත. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.