වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ග්‍රහ අපලවලට පිළියම ප්‍රතිපත්ති ගරුක වීමයි
ජනවාරි 24, 2020
ඡ්‍යොතිෂය දත් නොදත් බොහෝ දෙනෙකු අද ග්‍රහමාරුවක්, චන්ද්‍රග්‍රහණයක්, සූර්යය ග්‍රහණයක් වැනි දෙයකදී දක්වන්නේ පුදුම උනන්දුවකි. සැබවින්ම ග්‍රහයින් මිනිස් දිවියට තදින්ම බලපාන එක නොරහසක් වන නිසා අද එබඳු ජනතා යොමුවීමක් පිළිබඳව පුදුම වන්නටද දෙයක් නැත.
ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් අතර වැඩිම කාලයක් එක රාශියක සිටින සෙනසුරු වසර දෙක හමාර බැගින් රාශි, දොළසේ ගමන් කර යළි නැවත එම ස්ථානයට යාමට වසර 30ක් ගතවනු ඇත. එහෙත් ඒ එක එක රාශියට වෙන් වෙන් වශයෙන් ප්‍රතිඵල දෙන සෙනසුරු පිළිබඳ වැඩි දෙනෙකු තුළ ඇත්තේ මහත් බියකි. ඒ අන් ග්‍රහයන්ට වඩා සෙනසුරු කෙනෙකුට ඒ වසර 30 ඇතුළත ඉතා අමිහිරි අත්දැකීම් උරුම කරදෙන ඒරාෂ්ඨක අපල කීපයක්ම ගෙනදෙන නිසා ය. සෙනසුරු 12, 01, 02 ස්ථානවල ගමන් කරන විට එක රාශියක වසර දෙක හමාර බැගින් වසර හත හමාරක ලග්න ඒරාෂ්ඨකයද සඳු කෙනෙකුගේ යම් තැනකද එම ස්ථානයට සෙනසුරු පැමිණීම ජන්ම ඒරාෂ්ඨකයද සෙනසුරු කේන්ද්‍රයේ අට වැන්නට පැමිණීම. සෙනසුරු අෂ්ඨම ඒරාෂ්ඨකය හා චන්ද්‍රයා සිටින ස්ථානයෙන් අටට පැමිණීම චන්ද්‍රාෂ්ඨම ඒරාෂ්ඨකයද ලෙසින් මෙම ඒරාෂ්ඨක විවිධ වෙයි. වෙන කිසිදු ග්‍රහයකු ගෙන නොදෙන අන්දමේ අපලවිපත් සෙනසුරු ජීවිතයට ගෙන එන බව පවසන්නේ අන්න ඒ නිසා ය. කෙසේ නමුදු කෙනෙකුට කේන්ද්‍රයේ සෙනසුරු ලබා තිබෙන හොඳ නොහොඳ අනුව කෙනෙකුට සෙනසුරු යහපත් ග්‍රහයකු ලෙසද තවත් කෙනෙකුට අයහපත් ග්‍රහයෙකු ලෙසද හඳුන්වා දීමට පුළුවන. වසර දෙක හමාරක කාලයක් ධනු රාශියේ සිටි සෙනසුරු 2020 ජනවාරි 24 වන දින උදේ 09.49 ට මකර රාශි ගත වෙයි. එය පොදුවේ ගත් කල රටට ලෝකයට ජනතාවට සුබවාදී තත්ත්වයකට මූලාරම්භයක් බව කිව යුතු ය.
වසර දෙක හමාරකට එපිට තව වසර දෙක හමාරක් සෙනසුරු සිටියේ වෘශ්චික රාශියේ නිසා එම රාශියට සෙනසුරු නීචව පැවති කාලය එනම් මීට වසර 5 ක පමණ කාලයක සිට සෙනසුරු විසින් රටට ජාතියට පරිසරයට පැවති රජයන්ට ලෝකයට ගෙනදුන් විපත් කරදර පිළිබඳ ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ අනුව මිනිසුන් මිනිසුන් අතර අසමගිතා සොරකම, වංචාව එදිරිවාදිකම අයහපත් පරිසර විපර්යාසයන් රැසකට මුහුණ දුන්නේ අන්න ඒ නිසා යයි අපට සිතිය හැකි ය. කෙසේ නමුදු ඒ අමිහිරි අත්දැකීම් සියල්ල පසෙකලා 2020.01.24 දින සෙනසුරු සිය අධිපතිත්වය හිමි මකර රාශියට පැමිණීම බොහෝ සුබවාදී බලාපොරොත්තු ඉහළ නැංවීමට තරම් වනු ඇත.
කෙසේ නමුදු මෙම ග්‍රහමාරුව වන අවස්ථාවට පෙරාතුව අප වෙත එන ඉතා විශාල දුරකතන ඇමතුම් වලින් අසන පලාපල පිළිබඳව අපට සිතන්න හැකි වී ඇත්තේ අද රටේ මේ ග්‍රහ මාරු පිළිබඳ මිනිසුන් කොතෙක් උනන්දුවක් දක්වනවාද යන්නයි. කෙසේ නමුදු මෙම ග්‍රහමාරු ප්‍රතිපලවලට අනුව මෙම පාඨක හිතවතුන්ට පවසන්නට තිබෙන්නේ ග්‍රහයින්ගේ අපල උපද්‍රව අපගේ ප්‍රතිපත්තිගරුක ජීවිතය තුළින් අවම කරගත හැකි බවයි. ඕනෑම ග්‍රහයකු අපගේ චිත්ත සන්තානයට බලපෑම් කරමින් අප ව්‍යාකූල මානසිකත්වයට ගෙන යමින් අපව ලෙඩුන් මානසික දුර්වලයින් හා ඒ නිසාම විවිධ කරදර උවදුරුවලට පමුණුවන නමුදු ඒ තත්ත්වයට අප හසු නොවී සිටීමට හැකි බවයි. විවිධ ග්‍රහ අපල පවතින විට සාර්ථක ඡ්‍යොතිෂවේදීන් තම සේවාදායකයින්ට පවසන්නේ තම ආගමානුකූල ජීවිතයට වඩ වඩා නැඹුරුවිය යුතුය යන්නයි. ඔබ බෞද්ධ අයකු නම් බෝධිපූජා තබා ඒ ඒ ග්‍රහයාට අදාළ දෙවි දේවතාවුන් ඇදහීම කළයුතු බවද පවසයි. මේ කටයුතු තුළින් කෙනෙනකු තුළ ඇතිවන මානසික සුවය අධිෂ්ඨානය තුළින් විය හැකි අපල අවමවෙයි.
ඒ නිසා ඔබත් වඩ වඩාත් ග්‍රහ අපල අවම කර ගැනීමට වඩ වඩාත් ආගමික කටයුතුවල නිරතවන්න. එවිට ඔබට කිසිවිට බියවිය යුතු නැත. සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් ඔබ ශ්‍රී විෂ්ණු දෙවිඳු සඳහා පූජෝපහාර දක්වන්න. එවිට ඔබට යහපත උදාවේ.
෴ සබැඳි ලිපි ෴
නූතන විද්‍යාඥයන්ගේ අපූර්ව සොයා ගැනීමක් ලෙස පෘථිවියේ සියලු ජීවීන් මූලද්‍රව්‍ය පහක් මත යැපෙන බව මෑතකදී ප්‍රකාශ කර ඇත. ඒ කාබන්, හයිඩ්රජන්,...
2024-01-18 18:30:00
‘ඡ්‍යොතිෂය පිළිබඳ දැනුමක් නැති භෞත චිකිත්සකවරයාට තමන් වෛද්‍යවරයකු යැයි කීමට අයිතියක් නැත’ ( A physician without knowledge of astrology has no right...
2024-01-11 18:30:00
මේ වසර විශේෂ වන්නේ නව පරපුරක ආරම්භය සනිටුහන් කරන බැවිනි. ඔවුන් නම් කරන්නේ බීටා පරපුර ලෙසිනි. මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට දෙදහස් හතළිහ දක්වා...
2024-01-04 18:30:00
අප එළැඹෙමින් සිටින්නේ 2024 වසරටයි. එය තවත් එක් පරම්පරාවක නාමකරණය නිමාවන වසර බව අපි දනිමු. ඒ 2010 වසරේ සිට මෙලොව එළිය දුටු ඇල්ෆා පරපුරේ අවසන් පුරුක්...
2023-11-30 18:30:00
අඳුරේ සිටින විට අපේ දෙනෙත් අඳුරට හුරු වෙයි. අපැහැදිලි වුවත් නිවැරැදි යැයි හැඟෙන මං පෙත් ඔස්සේ ඉදිරියට යමින් මේ කඨෝර ගමන නිමා කිරීම අරමුණු...
2023-11-02 18:30:00
වෙසක් සඳ පායන්නට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. අප අමාමෑණි ශාන්තිනායක බුදු පියාණන්ගේ උතුම් වූ තෙමඟුල සමරන්නට ලෝකවාසී බොදුණුවෝ සැදී පැහැදී සිටිති....
2022-05-12 18:30:00
දරුවන් අපේ අනාගතය බවත් ඔවුනට හොඳම දේ ලබා දිය යුතු බවටත් වැඩිහිටියෝ නිරතුරුව පවසති. එහෙත් වැඩිහිටියන් පවසන අන්දමට දරුවන්ට හොඳම දේ ලැබෙනවා ද යන්න...
2022-05-05 18:30:00
සිංහල අලුත් අවුරුද්ද එකමුතු බවේ සංකේතයයි. එකිනෙකා අතර සුහදතාවය, ආදර කරුණාව ලියලන එකට එක්වී එකාමෙන් කටයුතු කිරීමට ලක් බිමේ ඇති එකම අවස්ථාව සිංහල...
2022-04-07 18:30:00
ඡ්‍යොතිෂය යනු මහා සාගරය හා සමාන විෂයයකි. එහි ගැඹුරු බව අන්තර්ගත කරුණු කාරණා ඉතා විශාලයි. අනාදිමත් කාලයක සිට පැවත එන මෙම ඡ්‍යොතිෂය ලොව කොතරම්...
2022-03-24 18:30:00
ඡ්‍යොතිෂය යනු බැබලීමයි. ඉරහඳ තාරකා ඇතුළු විශ්වයේ පවතින අනෙකුත් ග්‍රහයින්ගේ බැබලීම අරුමයක් නොවේ. එහෙත් ඡ්‍යොතිෂය බොරුයයි කියන අන්ධ භක්තික පිරිසක්...
2022-03-10 18:30:00
හැසිරීම් රටා කීපයක් මිනිසුන්ට තිබේ. ඒ ආහාර පාන ගැනීම, සංචාරයේ නියැළීම, කතා බහ කිරීම හා තවත් එදිනෙදා ඇවතුම් පැවතුම් කීපයකි. මේ රෝග වෛරසය පවතින අවදියේ...
2021-05-13 18:30:00
අනාගතයට මුහුණ දීමේ දී අතීතයේ සිදු වූ වැරදි හෝ නිවැරදි දේ පිළිබඳව අපට හැකි වූ නොහැකි වූ දේ පිළිබඳව සැලකිලිමත් විය යුතුව ඇත. එය මෙනෙහි කළ යුතුව ඇත....
2021-05-06 18:30:00
විනෝදය අප කොයි කවුරුත් අපේක්ෂා කරන දෙයකි. විනෝදයෙන් සිටීම අපට ඉතා යහපත් දෙයකි. එහෙත් තරමට වඩා විනෝදය හොඳ නැති බව අපි අසා ඇති වදනකි. සැබවින්ම එය එසේ...
2021-04-29 18:30:00
බක් මාසේ භාග්‍යවත් ලෙසින් ගෙවී ගියා. ඔබ අප එකමුතුව එකට එක් වී සහයෝගයෙන් සමානාත්මතාවෙන් බෙදාහදාගෙන කෑවා බිව්වා, ඔබට මතක ඇති අලුත් ඇඳුම් ඇඳල අලුත් වුණා...
2021-04-22 18:30:00
වර්තමානයේ පවතින තරගකාරී ජීවන රටාව හා විවිධ සමාජ පසුබිම් මත විස්තෘත පවුල න්‍යෂ්ටික පවුල දක්වා ලඝු වී ඇත. මේ නිසාම අලුත උපන් බිළිඳා හා නිවසේ තනිව...
2021-03-04 18:30:00
කිසිවකුට වැරදුණු තැන ඇඟිල්ල දිගු කරන අය අප අතර කොතෙකුත් සිටිති. ඒ වැරදුණු විටදී මිස හරිගිය විට ඇඟිල්ල දිගු කරන අය අප අතර නැත. ඇඟිල්ල දිගු කිරීමට...
2021-02-11 18:30:00