හෝමාගම ආයුර්වේද සංරක්ෂණ සභාව සවිබල ගැන්වේ

අගෝස්තු 4, 2023

ශ්‍රී ලාංකීය ජනතාවගේ උරුමයක් වු පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීම තුළින් නීරෝගීමත් ජනතාවගෙන් සපිරි දේශයක් ගොඩනැගීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව දීප ව්‍යාප්ත පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව දිවයින පුරා විසිරී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට සිදුකරන අපරිමිත මෙහෙය අගයමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටුවා තිබෙන ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීම සිදුකරනු ලබන අතර හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආයුර්වේද සංරක්ෂණ සභාව සවිබල ගැන්වීමේ වැඩසටහන පසුගියදා(26) හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

එම අවස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) චන්දන තිලකරත්න, හෝමාගම ප්‍රාදේශීය ලේකම්බී.ඒ.ඩී. චින්තක, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහකර අධ්‍යක්ෂ චමල් තේනුවර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් , පාරම්පරික වෛද්‍යවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.