වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගර්භිණී සමයේ ඇති විය හැකි දියවැඩියාව
අහිතකර ආහාර සිරිත් හා නුසුදුසු පැවතුම් නිසා වර්තමානයේ බොහෝ කාන්තාවන් දියවැඩියා රෝගයට ගොදුරු වන අවස්ථා ආසියාතික රටවල සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී.
මේ අනුව ඔබ දැනටමත් දියවැඩියා රෝගියෙකු නම් මුල්ම දරු සම්පත ලබා ගැනීමට පෙර සිටම නිසි වෛද්‍ය උපදෙස් අනුව දියවැඩියා තත්ත්වය මැනවින් පාලනය කර ගත යුතුමය. මේ හැරුණු විට අපේ කාන්තාවන් ගර්භිණි සමයේ බහුලව දියවැඩියාවට ගොදුරු වීමක් ද දක්නට ලැබේ. ගර්භිණි සමයේ යම් කාන්තාවක් දියවැඩියා තත්ත්වයට පත් වේ නම් එය ඇයට මෙන්ම දරුවාට ද විශාල වශයෙන් අහිතකර තත්ත්වයන් රැසක් ඇති කරන්නට හේතු වෙයි. මෙම අහිතකර ප්‍රතිඵල කෙටිකාලීන මෙන්ම දිගු කාලීන ද විය හැකියි. දරු ප්‍රසූතියෙන් පසු බොහෝ කතුන්ට ගර්භිණි සමයේ පැවති දියවැඩියා තත්ත්වය ඉවත්ව යාම ද සිදු වේ. මේ අනුව ගැබිණියක වීමට පෙරම දියවැඩියා රෝගියෙකු වීමටත් ගැබිණි සමයේ මවක දියවැඩියා තත්ත්වයට පත් වීමත් අතර පැහැදිළි වෙනසක් පවතී.
ගැබ් ගන්නා සමයේ සුදුසුම රුධිර සීනි මට්ටම
ඩ්ඕඒධ්ඛ් නම් 71
ජ්ඕඛ් නම් 60 ථඨ/ඤත-100ථඨ/ඤත
(පැය 10 ක් නිරාහාරව සිට මනින රුධිරයේ සීනි ප්‍රමාණය)
ගැබ් ගැනීමට මාස හයකට පමණ පෙර සිටවත් කාන්තාවක් රුධිර සීනි මට්ටම නිසියාකාරව පවත්වා ගත යුතුය.
ගැබිණි සමයේ දියවැඩියාව ඇතිවීමට බලපෑම් කරන හේතු
උපදෙස් වල්ගම ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිනී
ධම්මිකා අමරසේකර
සටහන රඹුක්කන කීර්ති එස්. කුමාර
077-6351872