වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
2025.02.08 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/subasetha-ada-dawasa_13.jpg?itok=5MTpBeEh)
ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.21
රාහු කාලය -උදේ 09.27 - 10.55
සුබ දිශාව - දකුණ
මේෂ
සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. කලබලකාරී ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වගකීම් බහුල දිනයකි.
වෘෂභ
තැන තැන ඇවිදිලි ඇති කරයි. වෙහෙසකාරී දිනයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන බවක් පෙනේ.
මිථුන
වගකීමකින් නිදහස උදා කරයි. නිතර පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.
කටක
සැලසුම් කීපයක් සාර්ථක කරයි. දනට පිනට ළැදි දිනයකි. ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.
සිංහ
වගකීම් බහුල කරයි. නිතර ඇවිදිලි ඇති කරන දිනයකි. පවුලේ වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමි කරයි. ලැබීම් සහිත දිනයකි.
කන්‍යා
උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ.
තුලා
හදිසි ලැබීම් සහිත දිනයකි. අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වයි. වෙනදාට වඩා වැයපස අධික කරයි.
වෘශ්චික
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.
ධනු
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. උත්සහවන්තව කටයුතු සිදු කරන බවක් පෙනේ. දැහැමි කටයුතුවලට යොමුවන දිනයකි.
මකර
වගකීම් බහුල කරයි. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික වන බවක් පෙනේ. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.
කුම්භ
අවිවේකී දිනයකි. යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන දිනයකි.
මීන
ගතට සිතට සැනසිල්ල උදා කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.