වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
2024.12.20 සිකුරාදා - ලග්න සහ රාහු කාලය
ඉර උදාව - පෙ.ව. 06.16
ඉර බැසීම - ප.ව. 6.00
රාහු කාලය - උදේ 10.40 - 12.08
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි.
වෘෂභ
යන එන තැන කැපී පෙනෙන බවක් පෙනේ. සෙම් රෝගයක් හෝ උගුර ආශි්රත ආබාධයකින් පීඩා අත්කරයි.
මිථුන
පැවැති වගකීමකින් නිදහස අත් කරයි. නිතර විසිතුරු බඩුබාහිරාදියට කැමැත්තක් දක්වයි. අමතර වියදම් බහුල කරන අතර, අලුත් හිතවත්කම්වලට මඟ සැලසේ.
කටක
ඇසුරු කරන අය අතර පි්රයතාවයට පත් කරයි. යටපත් වූ අයගේ සෙම් අමාරුවක් නැවත මතු කරයි. වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.
සිංහ
පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරයි. වෙහෙස ඇති ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
කන්යා
වගකීම් බහුල කරයි. උගත් දෙයින් ප්රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. පැරැණි හිතවත්කම් අලුත් කරන දිනයකි. පවුලේ කෙනකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ.
තුලා
අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු සිදු කරයි. උරුම හිමිකම්වලින් අතමිට සරුකරයි. විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. සෙම් රෝගයකින් පීඩා විඳින දිනයකි.
වෘශ්චික
වියදම් පක්ෂය අධික කරයි. ගතට සිතට අවිවේකී බවක් ඇති කරන කටයුතු කීපයක් යෙදේ. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.
ධනු
සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරයි. ප්රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුවීමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි.
මකර
දුරදිග බලා කටයුතු කළ යුතු දිනයකි. උගුර ආශි්රත ආබාධයකට ප්රතිකාර පතන බවක් පෙනේ. නතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.
කුම්භ
උත්සාහයේ තරමට ප්රතිපල උදා නොකරයි. තරමක් දුරට කලබලකාරී ගතිපැවැතුම් ඇති කරයි. රැකියා ස්ථානයේ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන දිනයකි.
මීන
හිස, පපුව ආශි්රත ඇතිවන ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට සිත යොමුකරන බවක් පෙනේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.