2024/11/26 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 26, 2024

 

ඉර උදාව පෙ.ව. 06.05
ඉර බැසීම ප.ව. 05.51
රාහුකාලය දහවල් 02.54 - 04.23
සුබ දිශාව - දකුණ

 

මේෂ

දියුණුවට අලුත් පියවර කීපයක් ගන්නා දිනයකි. ප්‍රසිද්ධියට කරුණු ඇති කරයි. දත්වල අමාරු, උගුරේ ආබාධ ඇතිවිය හැකි දිනයකි.

වෘෂභ

සිත්ගන්නා සුළු කටයුතු කීපයක් සිදු කරයි. ළඟම හිතවතකුගෙන් උපකාරයක් හිමි කරයි. හදිසි ගණුදෙනුවකට අවස්ථාව යෙදෙන දිනයකි.

මිථුන

සමාජයේ කටයුතුවලින් ප්‍රසිද්ධියක් අත්කරයි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. අමතර ලැබීම් සහිත දිනයකි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩා ඇති කරයි.

කටක

අලුත් දේ ඉගෙනීමට කැමැත්තක් දක්වයි. දුරගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

සිංහ

බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. යොදාගත් සැලසුමක් ප්‍රමාද කරයි. හිතවතුන් අතර කැපී පෙනෙන බවක් පෙනේ. ඉදිරි සැලසුමක් වෙනස් කරයි.

කන්‍යා

අවිවේකී ලෙස දවස උදා කරයි. මුදල් වියදම් වැඩිකරන බවක් පෙනේ. නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි.. වෙහෙසකාරි දිනයකි.

තුලා

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරගැනීමට හැකිවෙයි. හදිසි ගණුදෙනුවකින් පාඩු සිදුකරයි. දේපළ ගැටලුවකට මුහුණ දෙන දිනයකි.

 

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා ගත සිත වෙහෙසා කරන කටයුතු අධික වන දිනයකි. සුළු සුළු ආදායම් මාර්ග යෙදේ.

 

ධනු

සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. අමතර ගමන් බහුල දිනයකි.

මකර

හිතුමතයට කටයුතු කීපයක් සිදු කරයි. ගණුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. හිතවතකුගේ දෝෂාරෝපණය ලක්වීමට ඉඩ ඇති බවක් පෙනේ.

කුම්භ

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි.

 

මීන

වගකීම් බහුල කරයි. වියදම් අධිකවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සෙම් අමාරු, හිසේ ආබාධ ආදියෙන් පීඩා අත්කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.