2023.09.28 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 28, 2023

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.05
රාහු කාලය - දවල් 01.32 - 03.04
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. කල්ගත වූ ගනුදෙනුවක් විසඳී යන බවක් පෙන්නුම් කරයි. හදිසි තීරණයක් සාර්ථක කරන බවක් පෙනේ.

වෘෂභ

වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. ශාරීරික වෙහෙස ගෙන දෙන දිනයකි. අඹුසැමියන් අතර සුහදතාවයට හේතු ඇති කරයි. වෙනදාට වඩා පී‍්‍රතියෙන් විනෝදයෙන් ගත කරන දිනයකි.

මිථුන

වගකීම් බහුල කරයි. දරුවකුගේ අධ්‍යාපන කටයුතු හේතුවෙන් වෙහෙසීමට සිදුවේ. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන දිනයකි.

කටක

අලුත් හිතමිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරයි. වෙනදාට වඩා යෙදෙන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. හිතවතකුගේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු යෙදෙන දිනයකි.

සිංහ

පවුලේ වගකීම් තමා පිට පැවරීමට ඉඩ ඇත. නිතර ඇතිවන යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වංචා සහගත කටයුත්තකට හසුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

කන්‍යා

ගේ දොර සැප සතුට ඇති කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට පෙළඹේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති දිනයකි.

තුලා

පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. අතමිට සරු වුවත් වැයපස අධිකයි. ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න.

වෘශ්චික

හිතුවක්කාර ලෙස කටයුතු කිරීමෙන් ගැටලු කීපයකට මැදිවීමට ඉඩ ඇත. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට පත් කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වීමට ඉඩ ඇති දිනයකි.

ධනු

වෙනදාට වඩා උදාසීන ලෙස කටයුතු කරයි. එහෙත් දුරදිග බලා තීරණ ගන්නා දිනයකි. නීති උපදෙස් පැතීමට සිදුවන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.

මකර

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. නිතර හුදකලාව කටයුතු කිරීමට සිතන බවක් පෙනේ. වෙනදාට වඩා පැණිරස කෑමට පි‍්‍රයකරන දිනයකි. පවුලේ කටයුතු සම්බන්ධ එතරම් උනන්දුවක් දක්වන බවක් නොපෙන්වයි.

කුම්භ

නිතර පොත් පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි වෙහෙසීම් ඇති කරයි. තමා සොයාගෙන එන කෙනකු පිළිබඳ කල්පනාකාරී වන්න. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි.

මීන

උනන්දුව උද්‍යෝගය අඩු කරන බවක් පෙනේ. වෙහෙස ගෙනදෙන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. උෂ්ණාධික රෝගී තත්ත්වයක් හේතුවෙන් පිඩා විඳීමට සිදුවෙයි. පැරැණි හිතවත්කමක් අලුත්වන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.