2023.09.30 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 30, 2023

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.03
රාහු කාලය - උදේ 09.00 - 10.31
සුබ දිශාව - උතුර

මේෂ

අවිවේකී ලෙස දවස උදා කරයි. නිතර ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දවසින් වැඩි කාලයක් තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. හදිසි අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

වෘෂභ

අලුත් දේ මිලදී ගැනීමට හේතු සැලසෙන බවක් පෙනේ. එමෙන්ම ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කර ගැනීමට කටයුතු උදා කරයි. ගේ දොර සැනසිල්ල අඩුකරන දිනයකි.

මිථුන

සැළසුම් සහගත කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන දිනයකි. සහෝදර බැඳීම් වැඩිවන අන්දමේ කටයුතු ඇති කරයි. අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි උනන්දුව ඇති කරන දිනයකි.

කටක

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. හදිසි ලැබීම්වලට හේතු ඇති කරයි. දරුවකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන දිනයකි. පවුලේ අය අතර හොඳ හිත දිනා ගන්නා දිනයකි.

සිංහ

අලුත් බලාපොරොත්තු ඇති කරන දිනයකි. සිතට පී‍්‍රතිය ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. මුත්‍රාගත ආබාධයක් හේතුවෙන් පිඩාගෙන දෙන බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ සැලකිලිමත් වන්න.

කන්‍යා

ලිපි ලේඛන කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් ඇති කරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. නිතර දුර ගමන් බහුල කරන බවක් පෙනේ.

තුලා

විවේකය අඩු කරන කටයුතු කීපයක් යෙදේ. අඹුසැමි සුහදතාවයට බාධා කරන දිනයකි. හදිසි සිත් අමනාපකම්වලට මුල පිරෙන බවක් පෙනේ. ආගන්තුක සත්කාරයන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු කරයි. අන් අයගේ උපදෙස් මත කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන දිනයකි.

ධනු

වරින් වර ඇති කරන උදාසීන ගතිපැවැතුම් හේතුවෙන් යෙදාගත් සැලසුම් කීපයක් වෙනස්කිරීම සිදුවේ. එදිනෙදා කටයුතු අධික කරන දිනයකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි.

මකර

වැයපස අධික කරන කටයුතු කීපයක් යෙදුණත් සැලසුම් සහගත ලෙස ඒවාට මුහුණ දෙන බවක් පෙනේ. නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන දිනයකි. පැරැණි හිතවත්කම් අලුත්වන බවක් පෙනේ.

කුම්භ

වෙනදාට වඩා වගකීම් බහුල කරයි. පවුලේ කෙනකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. කලබලකාරී ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

මීන

පවුලේ කටයුතු කීපයක් ප්‍රමාදවන බවක් පෙනේ. නිතර සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන බවක් පෙනේ. වරින් වර ආගමික සහන පතන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.