2023.09.24 ඉරිදා - - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 23, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.00
ඉර බැසීම - ප.ව. 06.06
රාහු කාලය - සවස 04.35 - 06.06
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ වෙහෙස මහන්සිවිය යුතු බවක් පෙනේ. නිතර ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇති දිනයකි.

වෘෂභ

ලැබීම් අතින් යහපත් වුවත් වැය පස අධිකවන බවක් පෙන්නුම් කරයි. නිතර සිතේ පී‍්‍රතියට කරුණු යෙදෙන දිනයකි. දරුවකුගේ උසස් අධ්‍යාපන ජයග්‍රහණ පිළිබඳ අසන්න ලැබේ.

මිථුන

පොතපත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන දිනයකි. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසේ. සෞන්දර්යාත්මක කටයුතුවලින් ප්‍රසිද්ධියක් හිමිකරයි.

කටක

නිතර සිතට චංචල බවක් ඇති කරයි. තීරණ වෙනසක් සිදුකිරීමෙන් ගැටලු කීපයක් මතුකරයි. සෙම් රෝග, පපුව ආශි‍්‍රත ආබාධ බහුල කරයි. වෙනදාට වඩා ජලයෙන් පරිස්සම් විය යුතු දිනයකි.

සිංහ

අවිවේකී වුවත් උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදුකරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක ලෙස නිම කර ගැනීමට අවස්ථාව උදාකරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

කන්‍යා

පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවෙයි. වෙනදාට වඩා ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසේ. ගතට සිතට සැනසිල්ල උදාකරන දිනයකි.

තුලා

නිතර අතමිට සරු කරන දිනයකි. ශරීර සැප පහසුවට කටයුතු සිදුකරයි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. අසල්වැසි ඇසුරේ දී කල්පනාකාරී වන්න. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති දිනයකි.

ධනු

ගතට සිතට නොසන්සුන්කාරී බවක් ඇති කරයි. පින් දහම් කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවයි. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි. වරින් වර ඇති කෙරෙන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

මකර

විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

කුම්භ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි. පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. විවේකය අඩුකරන දිනයක් බව පෙනේ.

මීන

උසස් අයගේ ඇසුරට පත්වීමෙන් එදිනෙදා කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ වෙහෙසිය යුතු බවක් පෙනේ. හදිසි ගමනකට සැලසුමක් ඇති කරගන්නා දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.