2023.09.27 බදාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 26, 2023

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.05
රාහු කාලය - දවල් 12.02 - 01.33
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

ගේ දොර කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. යොදාගත් සැළසුම් කීපයක් අතපසුවී යන බවක් පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල දිනයකි. ළඟින් ඇසුරු කරන අයකුගෙන් උපකාරයක් හිමිකරන බවක් පෙනේ.

වෘෂභ

නැති වූ දෙයක් නැවත හිමි කරන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නොසිතූ ලෙස තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. දරුවකුගේ කටයුතු පිළිබඳ වෙහෙසක් ඇති කරයි.

මිථුන

පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා මතුකරයි. රැකියාවේ කටයුතු අධිකවීමෙන් නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර සිතේ චංචල බවකින් කටයුතු කරන දිනයකි. මවුපස ඥාතියකු පිළිබඳ විමසිලිමත් විය යුතු දිනයකි.

කටක

අතමිට සරු වුවත් වැයපස අධික කරන දිනයකි. පවුලට අලුත් ඥාතියකු එක්වන බවක් පෙනේ. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. අනාගත සැලසුමක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි.

සිංහ

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. යටපත් වූ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. නිතර ඇතිවිදි වැඩි කරන දිනයකි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

කන්‍යා

නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි වෙහෙසීම් ඇති කරන දිනයකි. පවුලේ කෙනකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ.

තුලා

ශරීර සෞඛ්‍යය අතින් යහපත් දිනයකි. එහෙත් වෙනදාට වඩා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. විශ්වාසවන්ත ඇසුරකට කටයුතු සැලසෙන දිනයකි.

වෘශ්චික

තීරණ වෙනසක් නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ කෙනකු පිළිබඳ වෙහෙසීම් වැඩිකරන දිනයකි.

ධනු

සිත් කලකිරීමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. සිතේ චංචල ගතියකින් කටයුතු කරන දිනයකි. තමාට ප්‍රශංසා හිමිවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

මකර

වෙනදාට වඩා සිත් කලකිරීම් බහුලවන බවක් පෙන්නුම් කරයි. ළඟම හිතවතකු නිසා සිදුවෙන්න ගිය අලාභයක් මඟ හරවා ගැනීමට හැකිවෙයි. තීරණයක් වෙනස්කිරීමට සිදුවන දිනයකි.

කුම්භ

මුදල් අගහිඟතා මතුකරන දිනයකි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වෙනදාට වඩා සමාජ ඇසුරට කටයුතු උදාකරයි. නිතර වඩා කෑම බීම පිළිබඳ සැලකිලිමත් වන්න.

මීන

පැවැති අසනීපකාරී බවකින් නිදහස්වීමට කටයුතු උදාකරයි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. දුර ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. නිතර පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.