2023.09.22 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 21, 2023

ඉර උදාව - පෙ.ව. 06.00
ඉර බැසීම - ප.ව. 06.07
රාහු කාලය - උදේ 10.32 - 12.04
සුබ දිශාව - උතුර

මේෂ

වගකීම් බහුල කරන අතර විශ්වාසය බිඳවැටෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවිය හැකි බවක් පෙනේ. නිතර ඇතිවන වාත වේදනාවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. ගතට සිතට පීඩාකාරී දිනයකි.

වෘෂභ

පවුලේ බැඳීම් තහවුරුවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. රාත්‍රී ගමන් බහුල කරන බවක් පෙනේ. අලුත්වැඩපිළිවලක් වෙනුවෙන් වෙහෙසීමට සිදු කරයි. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්වන දිනයකි.

මිථුන

වෙනදාට වඩා සුහදශීලීව කටයුතු සිදුකරන බවක් පෙනේ. ළඟම හිතවතකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ. ඉක්මන් කලබලකාරී ගති පැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන දිනයකි.

කටක

ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. විශ්වාසවන්ත හමුවීමකට මඟ සැලසේ. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලින් තමාට ප්‍රසිද්ධියක් අත් කරන දිනයකි.

සිංහ

අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. ගේ දොර කටයුතු කෙරෙහි වෙනදාට වඩා විමිසිලිමත් වන්න. වෙනදාට වඩා ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. අමතරවාසි සැලසෙන කටයුතු කීපයක් යෙදෙන දිනයකි.

කන්‍යා

හිතුමතයට කටයුතු සිදුකිරීමෙන් ගැටලු කීපයක් මතුකරයි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. ළඟම හිතවතකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි.

තුලා

හදිසි ලැබීම්වලට හිමිකම් ඇති බවක් පෙනේ. පවුලේ අය අතර හොඳහිත දිනාගන්නා දිනයකි. විභාග ජයග්‍රහණයකට හිමිකම් ඇති කරයි. මෙතෙක් පැවැති අසහනකාරී බව මඟහැරී යයි. උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන දිනයකි.

වෘශ්චික

අවිවේකී ලෙස කටයුතු උදාකරයි. පවුලට යන එන කෙනකු පිළිබඳ විමසිලිමත් වන්න. රාත්‍රී ගමන් බහුල දිනයකි. උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදාකරයි.

ධනු

සිත්කලකිරීම් බහුලවන දිනයකි. යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාදවන ලකුණු පෙන්නුම් කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ඥාතීන් අතර සුහදතාවයට හේතු ඇති කරන බවක් පෙනේ.

මකර

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරන බවක් පෙනේ. කල්ගත වූ කටයුතු කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවිය හැකි දිනයකි. පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවෙයි.

කුම්භ

වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. ස්නායුගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සමාජයේ ප්‍රසිද්ධියට හේතු සැලසෙන දිනයකි.

මීන

වගකීම් බහුල වන බවක් පෙනේ. දරුවන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. අමතර ලැබීම්වලට හිමිකම් ඇති කරයි. පිනට දහමට ලැදිව කටයුතු කරන දිනයකි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.