2024.11.20 බදාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 20, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 05.50
රාහු කාලය - දහවල් 11.56 - 01.25
සුබ දිශාව - දකුණ

 

මේෂ

කලබලකාරී ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන දිනයකි. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

වෘෂභ

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.

මිථුන

සැලසුම් කීපයක් සාර්ථක කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. විශේෂ ගමනකට කටයුතු සූදානමක් සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

කටක

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. දතක අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

සිංහ

උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි. වගකීම් බහුල කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.

කන්‍යා

ගැටලුවකින් නිදහස උදා කරයි. අමතර ලැබීම් සහිත දිනයකි. විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු සැලසේ.

තුලා

ශාරීරික සුවය ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

වෘශ්චික

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. උත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොවන බවක් පෙන්නුම් කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි.

ධනු

පවුලේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. වගකීම් බහුල දිනයකි.

මකර

අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික වන බවක් පෙන්නුම් කරයි. හදිසි තීරණයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

කුම්භ

සමාජසේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. ලාභ ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ.

මීන

වගකීම් බහුල දිනයකි. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.