2024.11.16 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 16, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 05.49
රාහු කාලය - උදේ 08.58 - 10.27
සුබ දිශාව - දකුණ

 

මේෂ

මෙතෙක් උදාසීනව කරගෙන ගිය කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට හැකිවෙයි. අමතර ලැබීම්වලට ඉඩ ඇති දිනයකි. අලුත් අය දැන හඳුනා ගැනීමට හේතු යෙදේ.

වෘෂභ

යොදාගත් වැඩපිළිවලක් සාර්ථක කරයි. වෙනදාට වඩා වැයපස අධික කරන කටයුතු කීපයක් යෙදේ. ගේ දොර උත්සව අවස්ථාවකට වෙහෙසෙන දිනයකි.

මිථුන

පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරයි. ශාරීරික වෙහෙසීම් වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරන දිනයකි.

කටක

සෙම් රෝගයක් හේතුවෙන් පීඩා ගෙනදෙන බවක් පෙනේ. වෙනදාට වඩා ආහාරපාන ගැනීමේ දී සැලකිලිමත් වන්න. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

සිංහ

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කළයුතු දිනයකි. හදිසියේ ඇතිවන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. මහන්සියෙන් කටයුතු කරන බවක් පෙනේ.

කන්‍යා

ලැබීම් අතින් යහපත් කරයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් අවිවේකී බවක් ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ කෙනකු නිසා සිතේ චංචල බවක් ඇති කරගනී.

තුලා

වෙනදාට වඩා වියදම් පක්ෂය අධිකවන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවක් හේතුවෙන් අසහනකාරී බවක් ඇති කරයි. නිතර විනෝදයෙන් කටයුතු කරන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසි සහගත තත්ත්වයක් ඇති කරයි. ලේ දෝෂ, මුත්‍රා අමාරු වැනි අසනීපකාරී බවකින් පීඩා අත් කරයි. ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.

ධනු

උත්සාහයේ තරමට ප්‍රතිපල නොලැබෙන බවක් පෙනේ. නිතර හුදකලාව කටයුතු කිරීමට සිතයි. බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුත්තක් සාර්ථකවන ලකුණු පෙනේ.

මකර

ගතට සිතට උදාසීන බවක් ඇති කරයි. නිතර තම ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත් වන්න. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික වන දිනයකි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත.

කුම්භ

ශරීර සෞඛ්‍යය අතින් යහපත් දිනයකි. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් සහභාගිවීමට අවස්ථාව උදා කරයි. අමතර කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.

මීන

ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරයි. වෙනදාට වඩා පවුලේ කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.