2024.11.04 සඳුදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 4, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 05.50
රාහු කාලය - උදේ 07.27 - 08.56
සුබ දිශාව - උතුර

මේෂ

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. දුරදිග බලා කටයුතු කළයුතු බවක් පෙනේ.

වෘෂභ

අමතර ලැබීම් සහිත දිනයකි. අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අලුත් හිතවතුන් දැන හඳුනාගැනීමට අවස්ථාව උදා කරයි.

මිථුන

වගකීම් බහුල කරයි. පවුලේ කෙනකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. කීර්තියට ප්‍රසිද්ධියට කැමැති දිනයකි.

කටක

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. උදරාබාධයකින් හේතුවෙන් පීඩා ඇති කරන දිනයකි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න.

සිංහ

තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල කරන දිනයකි. අලුත් ඥාති සබඳතාවලට හේතු ඇති කරයි. ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ.

කන්‍යා

වෙනදාට වඩා ඉගෙනීමට උනන්දුවක් දක්වයි. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. පැණිරස කෑමට පි‍්‍රයතාවයක් දක්වන දිනයකි.

තුලා

අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වයි. වෙනදාට වඩා මිහිරි ආහාරපාන කෑමට හැකිවන බවක් පෙනේ. අවිවේකී වුවත් සැළසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

වෘශ්චික

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වගකීම් බහුල දිනයකි.

ධනු

පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. නිතර අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙයි. අවිවාහකයන්ට සුබදායකයි. වැඩිහිටි ආශිර්වාදය ඇතිව කටයුතු කීපයක් සිදු කරයි.

මකර

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. වෙනදාට වඩා අමතර ගමන් බහුල කරයි. විශේෂ ගනුදෙනුවකට කටයුතු උදාකරන දිනයකි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

කුම්භ

අතමිට සරුකරන ආදායම් මාර්ගයකට හේතු ඇති කරයි. පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

මීන

සැළසුම් කීපයක් සාර්ථක කරයි. ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. වැඩිහිටියකුට උපකාරයක් කිරීමට මඟ සැලසේ. නිවෙසේ දානමය පින්කමට අවස්ථාව උදා කරයි. ඥාති හිතවතුන්ගෙන් උපකාර හිමිකරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.