2024.05.11 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

මැයි 11, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - උදේ 9.00 - 10.33
සුබ දිශාව - දකුණ

 

මේෂ

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අමතර ලැබීම් සහිත දිනයකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල හිමි කරයි.

වෘෂභ

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

මිථුන

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. මෙතෙක් පැවැති ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරන දිනයකි.

කටක

නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන බවක් පෙනේ. මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි.

කන්‍යා

අලුත් දේ මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. එමෙන්ම විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති වීමට ඉඩ ඇත. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

තුලා

නිතර විනෝදයට බරව කටයුතු සිදු කරයි. එමෙන්ම අලුත් දේ මිලදී ගැනීමට කටයුතු සැලසේ. තැන්පත් ධනය වැයවන දිනයකි.

වෘශ්චික

ණය ගනුදෙනුවකින් නිදහස්වීමට හේතු සැලසේ. හදිසි අසනීප ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. දේපළ ගැටලුවකට කරුණු ඇති කරයි.

ධනු

විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරන දිනයකි.

මකර

නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. හදිසි මුදල් ගනුදෙනුවක් සිදු කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.

කුම්භ

වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අමතර ලැබීම් සහිත දිනයකි.

මීන

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. තනතුර, වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. උසස් නිලධාරීන් සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.