2024/05/17 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

මැයි 17, 2024

 

ඉර උදාව පෙ.ව. 05.54
ඉර බැසීම ප.ව. 06.20
රාහු කාලය උදේ 10.33 -12.07
සුබ දිශාව – නැඟෙනහිර

 

මේෂ -

ගතට සිතට සැනසීම අඩු කරන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

 

වෘෂභ -

විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා හදිසි ගමන් කීපයක් යෙදෙන බවක් පෙනේ. ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි.

 

මිථුන -

ළඟින් ඇසුරු කරන අයකුගේ දුරස්වීමක් සිදු කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකවන බවක් පෙනේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති දිනයකි.

 

කටක -

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමනාප වූ කෙනකු සමඟ මිතුරුවීමට කටයුතු උදා කරයි. සෙම් රෝගයකින් පීඩා අත්කරන දිනයකි.

 

සිංහ -

හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. වෙනදාට වඩා වියදම් පක්ෂය අධික කරන බවක් පෙනේ. පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

 

කන්‍යා -

හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ. ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. හදිසි ජයග්‍රහණවලට හිමිකම් ඇති දිනයකි.

 

තුලා -

සිතේ සතුටට කරුණු ඇති කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු සැලසෙන දිනයකි.

 

වෘශ්චික -

අවිවේකී ලෙස කටයුතු සිදු කරයි. ළඟම හිතවතකුට උපකාරයක් කිරීමට කටයුතු සැලසේ. වියදම් පක්ෂය වැඩිකරන දිනයකි.

 

ධනු -

ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරයි. පවුලේ දානමය කටයුත්තකට සහභාගිවීමට කටයුතු උදාකරයි. අලුත් නෑදෑහිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු යෙදෙන දිනයකි.

 

මකර -

වගකීමකින් නිදහස උදා කරයි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න.

 

කුම්භ -

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ.

 

මීන -

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකවන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් දරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.