2024.05.18 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

මැයි 18, 2024

 

ඉර උදාව - පෙ.ව. 5.54
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - උදේ 09.00 - 10.34
සුබ දිශාව - දකුණ

 

මේෂ -

ඉවසිලිවන්තව කටයුතු කළයුතු බවක් පෙනේ. මෙතෙක් පැවැති ගැටලුවකින් නිදහස උදා කරයි. වගකීම් බහුල දිනයකි.

වෘෂභ -

නැතිවූ දෙයක් නැවත හිමි කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙනේ. ලැබීම් අතින් යහපත් වන දිනයකි.

මිථුන -

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

කටක -

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. තැන්පත් ධනය වැයවන දිනයකි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ.

සිංහ -

පැවැති උදාසීන ගති මඟහැරී යයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

කන්‍යා -

නැති වූ දෙයක් නැවත හිමි කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවීමට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි.

තුලා -

විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු සිදු කරයි. පැවැති ගැටලුකාරී බවකින් නිදහස සැලසේ.

වෘශ්චික -

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අමතර ලැබීම් සහිත දිනයකි.

ධනු -

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. පැවැති අසනීප තත්ත්වයකින් සුවය හිමිකරන දිනයකි.

මකර -

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත් වන්න. ලැබීම් අතින් යහපත් දිනයකි.

කුම්භ -

අලුත් දැන හැඳුනුම්කම්වලට මඟ සැලසේ. පැවැති වාත අමාරුවකින් සුවය හිමිකරයි. නිතර සමාජ සේවා කටයුතුවලට සිත යොමුකරන දිනයකි.

මීන -

අමතර ලැබීම් සහිත දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. දුරගමනකට කටයුතු උදා කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.