2024.05.10 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

මැයි 10, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.55
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - උදේ 10.34 - 12.07
සුබ දිශාව - දකුණ

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකවන බවක් පෙනේ.

වෘෂභ

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. එදිනෙදා කටයුතුවලදී කැපී පෙනෙන බවක් පෙන්නුම් කරයි. අමතර ආදායම් සහිත දිනයකි.

මිථුන

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට පෙළඹේ. ගේ දොර කටයුතු කෙරෙහි උනන්දුව අඩුවන බවක් පෙනේ. උදාසීන ලෙස කටයුතු කරන දිනයකි.

කටක

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙනේ. වගකීම් බහුල දිනයකි.

සිංහ

පැවැති බලාපොරොත්තුවක් බිඳ වැටෙන ලකුණු පෙන්නුම් කරයි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

කන්‍යා

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ කටයුතුවලදී විශේෂ උනන්දුවක් ඇති කරයි. අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරන දිනයකි.

තුලා

නැති වූ දෙයක් නැවත හිමි කරයි. මවගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා දිනයකි.

වෘශ්චික

ඉතා කලබලකාරී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. නොසිතූ ලෙස පාඩු විඳීමට ද සිදුවේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

ධනු

අමතර ලැබීම් සහිත දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. වාහනයක අඩුපාඩුවක් සකසා ගැනීමට වෙහෙසෙන දිනයකි.

මකර

වෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. හදිසි ගනුදෙනුවක් සිදුකරන බවක් පෙනේ. සුළු සුළු ගමන් බහුල කරන දිනයකි.

කුම්භ

වගකීම් බහුල කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. පැවැති පාදයේ ආබාධයකින් සුවය හිමි කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි.

මීන

ගතට සිතට සැප සතුට උදා කරන දිනයකි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදු කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.