2024.06.13 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ජුනි 13, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.26
රාහු කාලය - දවල් 01.44 - 03.18
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ඥාතීන් අතර සුහදතාවයට හේතු ඇති කරන බවක් පෙනේ. මෙතෙක් පීඩාගෙන දුන් ගැටලු කීපයකින් නිදහස අත් කරයි.

වෘෂභ

අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. ඇසුරු කරන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න.

මිථුන

පවුලේ සුහදතාවයට කරුණු ඇති කරයි. විශේෂ සැලසුමකට අත ගැසීමට හේතු සැලසේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

කටක

අලුත් හිතවත්කම්වලට කරුණු සැලසේ. සිතේ චංචල ගතියෙන් කටයුතු සිදු කරයි. වගකීම් බහුල දිනයක් වන අතර, අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට අවස්ථාව උදා කරයි.

සිංහ

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන දිනයකි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතු කරයි. අමතර වියදම් බහුල කරයි. උත්සාහයේ කටයුතු සිදුකරන දිනයකි.

කන්‍යා

බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අමතර වියදම් බහුල කරන දිනයකි. අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරයි.

තුලා

ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදු කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ ගනුදෙනුවක් සාර්ථක වන බවක් පෙනේ. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න.

වෘශ්චික

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. පැවැති වගකීමකින් නිදහස උදා කරයි.

ධනු

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. දුරගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා දිනයකි.

මකර

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති දිනයකි.

කුම්භ

අමතර ලැබීම් අතින් යහපත් කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් මූලිකත්වයක් ගැනීමට සිදුවේ. පැවැති දතක ආබාධයක් සුව අතට හැරෙන දිනයකි.

මීන

සැලසුම් කීපයක් සාර්ථක කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙනේ. ඥාති මිත්‍රාදීන් අතර කැපී පෙනෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.