2024.06.12 බදාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 12, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.26
රාහු කාලය - දවල් 12.10 - 01.44
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

ඉවසිලිවන්තව කටයුතු කළයුතු බවක් පෙනේ. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු දිනයකි.

වෘෂභ

අමතර ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන කටයුතු කීපයක් යෙදේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

මිථුන

අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරයි. නිතර පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.

කටක

වගකීම් බහුල කරයි. වෙනදාට වඩා වියදම් පක්ෂය අධික කරන බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

සිංහ

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් ප්‍රතිකාර පැතීමට සිදුවෙයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අවිවේකී දිනයකි.

කන්‍යා

නැති වූ දෙයක් නැවත හිමි කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවීමට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණ පෙන්නුම් කරයි.

තුලා

විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු සිදු කරයි. පැවැති ගැටලුකාරී බවකින් නිදහස සැලසේ.

වෘශ්චික

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අමතර ලැබීම් සහිත දිනයකි.

ධනු

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. පැවැති අසනීප තත්ත්වයකින් සුවය හිමිකරන දිනයකි.

මකර

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත් වන්න. ලැබීම් අතින් යහපත් දිනයකි.

කුම්භ

අලුත් දැන හැඳුනුම්කම්වලට මඟ සැලසේ. පැවැති වාත අමාරුවකින් සුවය හිමිකරයි. නිතර සමාජ සේවා කටයුතුවලට සිත යොමු කරන දිනයකි.

මීන

අමතර ලැබීම් සහිත දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. දුර ගමනකට කටයුතු උදා කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.