2023.08.11 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 10, 2023

ඉර උදාව – පෙ.ව. 06.05
ඉර බැසීම – ප.ව. 06.27
රාහු කාලය – උදේ 10.43 - 12.16
සුබ දිශාව – දකුණ

මේෂ
අමතර කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් ඇති කරමින් දවස ආරම්භ කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන බවක් පෙනේ. රැකියා ස්ථානයේ පැවැති ගැටලුවක් විසඳා ගැනීමට හැකිවෙයි. ලැබීම් අතින් යහපත් දිනයකි.

වෘෂභ
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. දරුවකුගේ හිතුවක්කාර ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙහෙස ඇති ගමන් යෙදෙන දිනයකි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු සැලසේ.

මිථුන
යන එන ගමන් පිළිබඳ සැලකිලිමත්වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. උසස් අධ්‍යාපනික ජයග්‍රහණයකට හේ්තු ඇති කරයි. හදිසි සැලසුමක් සාර්ථක වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

කටක
ගතට සිතට වෙහෙසකර කටයුතු කීපයක් යෙදේ. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. නිතර ආගමික නායකයන්ගේ ඇසුර පතන දිනයකි. ප්‍රභූ අය හා ඇසුරට පත්වන අන්දමේ වැඩසටහනකට සම්බන්ධ වීමට සිදුවේ.

සිංහ
මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් කටයුතු කරන දිනයකි. පදිංචි ස්ථානය සම්බන්ධ ගැටලු මතු කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති දිනයකි.

කන්‍යා
වෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු බවක් පෙනේ. පවුලේ අය සමඟ විනෝදයෙන් කටයුතු කරන කාලයකි. දුර ගමන් බහුලවන බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් යුතුව කටයුතු කරයි.

තුලා
ලැබීම් අතින් යහපත් දිනයකි. නිතර විසිතුරු බඩුබාහිරාදිය පිළිබඳ ඇල්මක් දක්වන බවක් පෙනේ. ගේ දොර වැඩපිළිවෙළක් වෙනසකට ලක්කරයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත.

වෘශ්චික
වගකීම් බහුල කරයි. මෙතෙක් යටපත් වෙමින් පැවැති වැඩපිළිවෙලක් නැවත සාර්ථක ලෙස කරගෙන යෑමට අවස්ථාව උදාකරයි. ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ලක්වීමට සිදුවේ.

ධනු
පවුලේ බැඳීම්වලට බාධා ඇතිකරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. නිතර සිතේ චංචල බවකින් කටයුතු කරයි. දරුවකු පිළිබඳ සිත් සතුටු කරවන පුවතක් අසන්න ලැබේ. හදිසි ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමක් සිදු කරන දිනයකි.

මකර
අවිවේකී ලෙස දවස උදා කරයි. ගේ දොර පදිංචියෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි. ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

කුම්භ
වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. පවුලේ ගැටලුකාරි බවක් දුර දිග යාමට ඉඩ ඇත. ළඟින් ඇසුරු කරන අයකු සමඟ මුදල් හුවමාරුවක් කරගැනීමට කටයුතු සැලසේ. අමතර ලැබීම් හිමි වුවත් ඒවාට බාධාගෙන දෙන දිනයකි.

මීන
පැවැති උදාසීන ගති පැවැතුම් මඟහැරී යන දිනයකි. උත්සාහයෙන් කටයුතු කළත් ඒවා එතරම් දුරට සාර්ථක නොවනු බවක් පෙනේ. හදිසි අජීර්ණ ගතියක් ඉස්මතුවන දිනයකි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත්වන්න.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.