2023.08.03 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 2, 2023

ඉර උදාව - පෙ.ව. 06.04 
ඉර බැසීම - ප.ව. 06.29 
 
රාහු කාලය - දවල් 01.49 - 03.23 දක්වා 
 
සුබ දිශාව - නැඟෙනහිර  
 
මේෂ 
පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු දිනයකි. උත්සහවන්තව කටයුතු සිදුකරන බවක් පෙනේ. විශේෂ හිතවත්කමකට මඟ සැලසෙන බවක් පෙන්වයි. සැනසිලිදායක ලෙස කටයුතු කීපයක් සිදුවන දිනයකි. 
 
වෘෂභ 
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්වයි. හදිසි අසනීපයක් ගැන කතා කිරීමට සිදුවන දිනයකි. විනෝදයෙන් සිටීමට ඉඩ ලැබුණත් සිතට කිසිම සතුටක් ඇති නොකරයි. 
 
මිථුන 
තරමක ඉක්මන් බවකින් යුතුව කටයුතු කීපයක් සිදුකරයි. සිත් පීඩා ගෙන දෙන කටයුතු කීපයකට මුහුණ පෑමට සිදුවන දිනයකි. පහත් අයකු හෝ සේවකයකු ලවා වැඩක් කර ගැනීමට සිදුවේ. උදරය සම්බන්ධ පීඩාවක් ඇති කරයි. 
 
කටක 
මිල මුදල් ලාභ හිමි කරන දිනයකි. ස්ථාන ගත වෙනසකට කරුණු සිදුකරයි. දියුණුවට යම් යම් තීරණ ගන්නා නමුත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. අන් අයගේ ප්‍රශංසා හිමි කරන අතර සමාජයේ ජනපි‍්‍රය වීමට කරුණු ඇතිකරයි. 
 
සිංහ 
කරන කියන කටයුතුවලින් තමාට ප්‍රශංසා හිමි කරන දිනයකි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් තරමක ලාභ හිමි කරන බවක් පෙන්නුම් කරයි. සෙම් රෝග පීඩා, උගුර ආශි‍්‍රත ආබාධ ඇතිවිය හැකි කාලයක් බැවින් කෑම බීම ගැන සැලකිලිමත් වන්න. 
 
කන්‍යා 
යටපත් වූ අසනීපකාරී බවක් නැවත මතුකරයි. උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ වෙහෙසීම් වැඩිකරන දිනයකි. බලාපොරොත්තුවක් ඉටුනොවීමෙන් අසහනකාරී බවක් ඇති කරයි. පවුලේ වැඩිහිටියකු ගැන සැලකිලිමත් විය යුතු දිනයකි. 
 
තුලා 
වගකීම් බහුල කරයි. නිතර ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. හදිස්සියේ හමුවන හිතවතකුගෙන් උපකාරයක් හිමිකරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි. 
 
වෘශ්චික 
සිතේ සැකයෙන් යුතුව කටයුතු කීපයක් සිදුකරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. දරුවකුගේ හිතුවක්කාර ගතිපැවැතුම් හේතුවෙන් ගැටලුකාරී බවක් මතු කරයි. පදිංචිය සම්බන්ධ වෙනසකට කරුණු සැලසේ. 
 
ධනු 
මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. ගේ දොර කටයුතු සම්බන්ධ පැවැති අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු සැලසේ. දානමය කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. උදරාශි‍්‍රත ආබාධයකින් පීඩා විඳින දිනයකි. 
 
මකර 
අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. ගේ දොර කටයුතු සම්බන්ධ අඩුපාඩු කීපයක් ඇති කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන දිනයකි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර ඇතිවන පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවේ. 
 
කුම්භ 
හදිසි සිත්තැවුලකට මුහුණ පෑමට සිදුවෙයි. තම ගෞරවයට කැළැලක් සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සොයා බැලීමක් කළයුතු දිනයකි. නීතිමය ගැටලු ඇතිවීමට ද ඉඩ ඇත. 
 
මීන 
සිතට සැකයක් ඇති වන කටයුතු කීපයක් යෙදේ. නොසිතූ ලෙස හදිසි වියදමක් දැරීමට සිදුවෙයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. මුත්‍රා අමාරු, සෙම් අමාරු වැනි දෙයකින් පීඩා අත්වන දිනයකි. 
 
ධම්මිකා රාජපක්ෂ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.