2025.01.21 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 21, 2025

 

ඉර උදාව - පෙ.ව. 06.28
ඉර බැසීම - ප.ව. 06.15
රාහු කාලය - සවස 03.18 - 04.46
සුබ දිශාව - දකුණ

 

මේෂ

වෙනදාට වඩා වගකීම් බහුල කරයි. පවුලේ දියුණුවට විශේෂ පියවර කීපයක් ගන්නා බවක් පෙනේ. පැවැති ගැටලුකාරී බවකින් නිදහස සැලසෙන දිනයකි.

වෘෂභ

යන එන ගමන් ගැන විමසිල්මත් වන්න. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකියි. වැඩිහිටි උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

මිථුන

සංගීතය කලා අංශවලට යොමුවන බවක් පෙනේ. සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. ආගමික කටයුත්තක් සඳහා දුර පළාතකට යාමට සිදුවන දිනයකි.

කටක

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙනේ. අලුත් නෑදෑහිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරන දිනයකි.

සිංහ

විශේෂ කෙනෙකුගේ හමුවීමක් සිදුවෙයි. සැලසුම් කීපයක් වෙනස්කිරීමට සිදුවෙන දිනයකි. පැවැති අවිවේකී බව මඟහැරී යයි. එහෙත් අසල්වැසි සුහදතාවයට බාධා ඇති කරයි.

කන්‍යා

අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන විමිසිල්මත් වන්න. ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි.

තුලා

ප්‍රසිද්ධියට පත්වන දිනයකි. බාහිර අලංකාරය පිළිබඳ විමසිලිමත් වන බවක් පෙනේ. පැවැති කරදරකාරී බවකින් නිදහස උදා කරයි.

වෘශ්චික

පවුලේ සමගියට හේතු ඇති කරයි. අන් අයගෙන් උපකාර හිමිකරන බවක් පෙනේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට පෙළැඹේ. ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි.

ධනු

ඉගෙනීමට දක්ෂතා දක්වන බවක් පෙනේ. ගුණයහපත්කමින් කටයුතු සිදු කරයි. උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. වැඩිහිටි උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

මකර

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි. නිතර පිනට දහමට ළැදිව කටයුතු සිදු කරයි.

කුම්භ

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. පැවැති අසනීපකාරී ගතියක් මඟහැරී යයි. මිහිරි ආහාරපාන කෑමට හිමිකරන දිනයකි.

මීන

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරයි. වගකීම් බහුල දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.