වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
2024/12/06 සිකුරාදා - ලග්න සහ රාහු කාලය
ඉර උදාව පෙ.ව. 06.09
ඉර බැසීම ප.ව. 05.54
රාහු කාලය උදේ 10.33 -12.02
සුබ දිශාව - උතුර
මේෂ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර මුදල් වියදම් වැඩිකරන බවක් පෙනේ. ඥාති හිතවතුන් සමඟ එකමුතුව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි..
වෘෂභ
තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. හදිසි ගණුදෙනුවකට පැටලීමට ඉඩ ඇත. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන බවක් පෙනේ.
මිථුන
අමතර ලැබීම් සහිත දිනයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ. හිතවත්කම් අලුත් කරන බවක් පෙනේ.
කටක
පැවැති උදාසීන ගති මඟහැරී යයි. ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. නැතිවූ දෙයක් නැවත හිමිකරයි. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් කරයි.
සිංහ
අවිවේකී ලෙස දවස උදා කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන බවක් පෙනේ. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ආගමික සහන පතන දිනයකි.
කන්‍යා
විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. පවුලේ වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. වෙහෙසකාරි ලෙස දවස ගෙවී යයි.
තුලා
ගේ් දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නැතිවූ දෙයක් නැවත හිමිකරයි.
වෘශ්චික
තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න. වරින්වර හට ගන්නා අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. වගකීම් බහුල දිනයකි.
ධනු
පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි. වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.
මකර
පැවැති බලාපොරොත්තුවක් මඟහැරී යයි. වෙනදාට වඩා උනන්දුවකින් කටයුතු සිදු කරන බවක් පෙනේ. නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි.
කුම්භ
සෙම් රෝගයක් හේතුවෙන් පීඩා අත්කරයි. වෙනදාට වඩා තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත්වන්න. අලුත් අයගේ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ.
මීන
ගැටලුකාරි බවකින් නිදහස උදාකරයි. උනන්දුව හා උත්සාහය මත කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ.