දරුපල අහිමි කරන ගර්භාෂ ගෙඩි

(Polycystic Ovarian Syndrome)
නොවැම්බර් 29, 2024

 

ඩිම්භ කෝෂ ආශ්‍රිතව ඇතිවන ඩිම්බ පරිනත වීමේ ක්‍රියාවලියේ විවිධ දුර්වලතාවයන් ඇතිකර දරුවකු පිළිසිඳ ගැනීම පමා කිරීමට හේතුවන ප්‍රධානතම රෝගයක් ලෙස Polycystic Ovarian Syndrome (PCOS)  තත්ත්වය හඳුන්වන්නට පුළුවන්. විවිධ හේතු කාරණා නිසා ඇතිවන මේ සහලක්ෂණ තත්ත්වයෙන් දරුවන් පිළිසිඳ ගැනීමේ හැකියාව පවතින වයසේ පසුවන ශ්‍රී ලාංකික තරුණියන් සහ කාන්තාවන් බොහෝ දෙනෙක් පීඩා විඳීනවා.

ලෝක ජනගහනය සැලකීමේදී දරුවන් සෑදීමේ හැකියාව පවතින වයසේ පසුවන කාන්තාවන්ගෙන් 6%-18% අතර ප්‍රමාණයක් මේ තත්ත්වයෙන් පීඩා විඳීනවා. ඕස්ට්‍රේලියාව, තුර්කිය සහ ඩෙන්මාර්කය යන රටවල මේ තත්ත්වය ඉතා ඉහළින් පැතිර පවතිනවා. ශ්‍රී ලංකාවේ කාන්තාවන් සැලකීමේදී 6%ක් මේ සහ ලක්ෂණයෙන් පීඩා විඳීනවා. මෙය හෝමෝන අසමබරතාවයන් නිසා ඇතිවන රෝගී තත්ත්වයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. මද සරු භාවය, වඳ භාවය සහ දරුවන් සෑදීමේ නොහැකියාව මේ තත්වයේ ප්‍රධාන ප්‍රතිඵල ලෙස දක්වන්නට පුළුවන්. බටහිර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව නිශ්චිත නිවැරදි ප්‍රතිකාරයක් නොමැති රෝග තත්ත්වයක් වන මෙය, රෝග ලක්ෂණ සඳහා ලබාදෙන ඖෂධ, සරු භාවය ඇති කිරීමට සහ පවත්වාගෙන යාම සඳහා ලබාදෙන ඖෂධ සහ එදිනෙදා ජීවිතයේදී සිදුකරන ආහාර සහ ව්‍යායාම ආශ්‍රිත වෙනස්කම් මඟින් පමණක් පාලනය කළ හැකි බවට දක්වා තිබෙනවා. පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මඟින් මේ සහ ලක්ෂණ තත්ත්වය සුව කිරීමේ හැකියාව පවතිනවා. එහෙත් හැකි ඉක්මනින්ම රෝගය නිවැරදිව හඳුනා ගැනීම සහ ප්‍රතිකාර ආරම්භ කිරීම කළ යුතුයි.

මේ සහලක්ෂණ තත්වය ඇති වීමට හේතු

ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවය සහ පෙර දියවැඩියා තත්වය

අනවශ්‍ය පරිදි පැණි රස ආහාර භාවිත කිරීම ව්‍යායාම මදිකම නිසා රුධිරගත සීනි මට්ටම් අනවශ්‍ය පරිදි ඉහළ යෑමේ හැකියාව පවතී. මෙහිදී ඔබගේ සිරුරේ ඉන්සියුලින් හෝමෝනය නියමාකාර මට්ටම්වලින් පැවතුණත් රුධිරගත සීනි මට්ටම් පාලනය කර ගැනීමේ හැකියාව පවතින්නේ නැහැ. මේ තත්ත්වය කාලාන්තරයක් පැවතීම නිසා ර්‍ථඛ්ර්‍ණඉ තත්ත්වය හට ගන්නට පුළුවන්.

කාලාන්තරයක් තිස්සේ පවතින පහළ හෝ කුඩා මට්ටම්වල ප්‍රදාහයික තත්ත්වයන්

දැනට සිදු කර තිබෙන විද්‍යාත්මක පර්යේෂණවලට අනුව සිරුරේ කාලාන්තරයක් තිස්සේ පවතින එතරම් විශාල ප්‍රමාණවලින් ක්‍රියාත්මක නොවන ප්‍රදාහයික තත්ත්වයන් නිසා ලිංගික හෝමෝනවල සිදුවන අනවශ්‍ය ශ්‍රාවයන් හේතුවෙන් මේ තත්වය ඇති වන්නට පුළුවන්.

 

ජානමය බලපෑම

දැනට සිදුකර ඇති විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව සමහර ජාන මේ  PCOS තත්ත්වය ඇති කිරීමට හේතු වෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට මේ ජාන සම්ප්‍රේෂණය වීමේදී මේ සහලක්ෂණ තත්ත්වය ඇතිවන්නට පුළුවන්.

 

ඊසට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනවල ඇතිවන අසමතුලිතතාවයන් මේ සහලක්ෂණ තත්ත්වය ප්‍රධාන රෝග ලක්ෂණ තුනකින් පෙන්නුම් කළ හැකියි.

ඔසප් චක්‍රය අක්‍රමවත් වීම

මෙහිදී දින 28 හෝ ඊට ආසන්නයෙන් සිදු විය යුතු මාසික ඔසප් වීම නිවැරදි දිනපරාසවලින් ඔබ්බට ගොස් අක්‍රමවත් වීම සිදුවේ. සමහර අවස්ථාවලදී ඔසප් චක්‍රය දින 35ක් දක්වා කාලයක් විහි දෙන්නටද පුළුවන්. මාස කිහිපයක් යන තෙක් ඔසප් නොවීමද සිදුවනවා. ඒ සමගම ඔසප් වීමේදී ඇතිවන වේදනාවද අනවශ්‍ය ලෙස වැඩිවීම සිදුවනවා.

සිරුරේ පුරුෂ හෝමෝන මට්ටම ඉහළ යාම

අනවශ්‍ය පරිදි පිරිමි හෝමෝන මට්ටමේ සිරුරේ ඉහළයාම නිසා කාන්තාවන් තුළ කොන්ඩයාම, රැවුල වැවීම සහ තට්ටේ ඇතිවීම වැනි ලක්ෂණ ඇතිවන්නට පුළුවන්.

බිම්බකෝෂවල තරල පිරුණු ගෙඩි හෙවත් ඛ්රඵබඵ හට ගැනීම

බිම්බකෝෂ ආශ්‍රිතව සිදු කරන Ultrasound Scan  පරීක්ෂාවලදී බිම්බකෝෂ විශාල වීම සහ මේ ආකාරයේ ගැටිති ඇතිවීම් දැක ගන්නට පුළුවන්.

මෙම ප්‍රධාන රෝග ලක්ෂණවලට අමතරව

අනවශ්‍ය පරිදි කුරුලෑ හට ගැනීම

තරබාරු තත්වය ඇති වීම

බෙල්ල, අත් යට, ඉකිලි සහ පියයුරු යට සම අව පැහැ වීම, සමෙහි ලප කැලැල් ඇති වීම දක්වන්නට පුළුවන් .

මෙම සහලක්ෂණ තත්ත්වය උත්සන්න වීමෙන් පහතින් දක්වා තිබෙන සංකූලතාවයන් ඇති වන්නට පුළුවන්

දෙවන වර්ගයේ දියවැඩියාව තත්ත්වය ඇති වීම.

අදික රුධිර පීඩන තත්ත්වය ඇති වීම.

රුධිර ගත අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම.

හදවත් රෝග අවදානම ඉහළ යාම.

ගර්භාෂයේ අභ්‍යන්තර ස්ථරය ආශ්‍රිතව පිළිකා තත්ත්වයන් ඇති වීම.

සරු භාවය අඩු වීම සහ දරුවන් ලැබීමේ හැකියාව අඩු වීම.

නින්දෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය .

මානසික මට්ටම වෙනස් වීම.

 

ප්‍රතිකාර සහ රෝගය පාලනය කිරීම

PCOS තත්ත්වයට පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර සිදුකිරීමේදී එය මූලික අරමුණු කිහිපයක් යටතේ සිදුවනවා. ඩිම්බකෝෂ ආශ්‍රිත සෞඛ්‍යමත් භාවය පවත්වා ගැනීම, ඔසප් චක්‍රය ක්‍රමවත් කර ගැනීම, ඩිම්බ මෝචන ක්‍රියාවලිය නිවැරදිව පවත්වා ගනිමින් ස්ත්‍රියගේ සරු භාවය නැවත ඇති කිරීම සහ මේ සහලක්ෂණය ආශ්‍රිතව ඇතිවන අනෙකුත් සංකූලතාවයන් පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණු වෙනවා. මේ අරමුණු ළඟා කර ගැනීම සඳහා ප්‍රතිකාර ක්‍රම රාශියක් භාවිත කරන්නට පුළුවන්. ශරීරයට ලබා දෙන ඖෂධ සහ පෝෂණ අතිරේක මෙහිදී ප්‍රධානතම වනවා. ඖෂධ කෂාය, අරිෂ්ට හෝ ආසව සහ කැඳ ආකාරයට ලබාදීම සිදු කෙරෙනවා. මේ ඖෂධ සමඟ උදරයට ලබා දෙන පාරම්පරික තෛල ප්‍රතිකාර මඟින් ඩිම්භ කෝෂවල තත්ත්වය පවත්වා ගැනීම සහ නිවැරදි ක්‍රියාවලිය පවත්වා ගැනීම සිදුවෙනවා. මේ පාරම්පරික ප්‍රතිකාරවලට අමතරව ශරීරයේ පවතින හෝමෝන අසමතුලිතතාවයන් සමනය කිරීම සඳහා චීන කටු ප්‍රතිකාර ක්‍රමයද භාවිත කරන්නට පුළුවන්. එහෙත් මේ සියලුම ප්‍රතිකාර සමඟ අදාළ ස්ත්‍රීය විසින් තමන්ගේ සෞඛ්‍යයට හිතකරවන පරිදි සිය ජීවන රටාව වෙනස් කරගත යුතු වෙනවා. එසේ නොකළහොත් ප්‍රතිකාරවලින් සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගැනීමට පහසු වන්නේ නෑ.එම නිසා පහත පරිදි ජීවන් රටාව වෙනස් කර ගැනීමට මේ තත්වයෙන් පීඩා විඳීන ඔබ හැකි ඉක්මනින් සැලකිලිමත් වන්න

සීනි සහ පැණි රස භාවිතය නවත්වන්න හෝ අවම කරන්න.

නිවැරදි පෝෂණ සහ ව්‍යායාම රටාව මගින් සිරුරේ බර පාලනය කර ගැනීමට කටයුතු කරන්න

දිනකට පැය හයක් හතක් අතර ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට පුරුදුවන්න.

සැකසූ අහාර, කෘතිම ආහාර සහ කෙටි ආහාර වලින් හැකි තාක් ඉවත්වන්න.

පාන් පිටි සහිත ආහාරවලින් හැකිතාක් ඉවත්වන්න.

කොළ පැහැති එළවළු සහ පලා වර්ග වැඩිපුර ආහාරයට එකතු කරගන්න.

දිනකට මිනිත්තු 30-40 අතර කාලයක් ව්‍යායාමවල යෙදෙන්න.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.