2024.09.24 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 24, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.06
රාහු කාලය - සවස 03.04 - 04.35
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු වීමට ඉඩ ඇත. හදිසි මුදල් ලාබයකට හිමිකම් ඇති දිනයකි.

වෘෂභ

ගතට සිතට සැනසිල්ල උදාකරන දිනයකි. පවුලේ කෙනකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් දිනයක් නොවනු ඇත.

මිථුන

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි. නිතර දුරදිග බලා තීරණ ගන්නා බවක් පෙන්නුම් කරයි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට හැකිවන දිනයකි.

කටක

වගකීම් බහුල වන දිනයක් වන අතර නිතර ගතසිත වෙහෙසා කරන කටයුතු අධික වන බවක් ද පෙන්නුම් කරයි. ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා අතමිට සරු කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ.

සිංහ

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ නොසිතූ ව්‍යාකූල බවක් ඇති කරයි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වංචා රැවටිල්ලකට හසුවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න.

කන්‍යා

අන් අය අතරේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා මුදල් වියදම් වැඩිකරන දිනයකි. පවුලේ ගැටලුකාරී බවක් විසඳා ගැනීමට මඟ සැලසේ.

තුලා

පැවැති අසහනකාරී බවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. නිතර අලංකාර දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරයි. හදිසි ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙනදාට වඩා ඇවිදිලි අධික කරන බවක් පෙන්නුම් කරයි. පවුලේ කෙනකු පිළිබඳ විමසිලිමත් විය යුතු දිනයකි.

ධනු

පවුලේ සුහදතාවයට බාධා සැලසෙන දිනයකි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. මුදල් අපහසුතා ඇති වුවත් ඒවා මඟ හරවා ගැනීමට අවස්ථාව සැලසේ.

මකර

ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි. හදිසි ගනුදෙනුවකට අත ගැසීමට සිදුවන දිනයකි. වචන පාවිච්චියේ දී කල්පනාකාරී වීම වැදගත් වන බවක් පෙන්වයි.

කුම්භ

මනසට පීඩාකාරී ලෙස සිතිවිලි ඇති කරයි. නිතර දරුවන්ගේ කටයුතු හේතුවෙන් පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසේ. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.

මීන

නිතර ගතට සිතට පීඩාකාරී ලෙස දවස ආරම්භ කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ වගකීම් වැඩිවන දිනයකි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙන්වයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.