2024.11.02 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 2, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 05.50
රාහු කාලය - උදේ 08.56 - 10.25
සුබ දිශාව - දකුණ

 

මේෂ

වෙනදාට වඩා දරුවකු පිළිබඳ විමසිලිමත් වන්න. නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. බැඳීම් අලුත් කරන දිනයකි.

වෘෂභ

නිදහසේ කටයුතු කිරීමට සිතන දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. උනන්දුවෙන් කටයුතු සිදු කරයි.

මිථුන

යන එන තැන කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

කටක

වගකීම් බහුල කරයි. විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු සැලසේ. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා කරයි. දානමය පින්කමකට සහභාගිවන දිනයකි.

සිංහ

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. අසල්වාසි සිත් නොහොඳකමකට කටයුතු උදා කරයි. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බවක් පෙනේ. උදාසීන ලෙස කටයුතු සිදු කරන දිනයකි.

කන්‍යා

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. විශේෂ හිතවත්කමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා කියවීමට රුචිකත්වයක් දක්වන දිනයකි.

තුලා

උත්සාහයේ තරමට ප්‍රතිපල උදා නොකරන බවක් පෙනේ. හිතවතකු සමඟ මුදල් හුවමාරුවක් සිදුකර ගනී. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ.

වෘශ්චික

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. මෙතෙක් පැවැති සිත් අමනාපයක් මඟහැරී යයි. පවුලේ අයගේ ප්‍රසාදයට හේතු ඇති කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

ධනු

පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. සැලසුම් කීපයක් වෙනස්කිරීමට සිදුවෙන දිනයකි.

මකර

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. පවුලේ මත ගැටුමක් දුරදිග යා හැකි බවක් පෙනේ. දුරදිග බලා කටයුතු කරන්න.

කුම්භ

උත්සාහයේ තරමට ප්‍රතිපල උදානොවන බවක් පෙනේ. දුරගමනක් යෙදෙන දිනයකි. මිහිරි ආහාරපාන කෑමට හිමිකරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි.

මීන

අවිවේකී බව මඟහැරී යයි. අලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරයි. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇත. දතක අමාරුවක් හේතුවෙන් පීඩා ගෙන දෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.