2024.11.05 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 5, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 05.50
රාහු කාලය - දහවල් 02.52 - 04.21
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථකර ගැනීමට හැකිවෙයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

වෘෂභ

නිතර විසිතුරු දේ පිළිබඳ ඇල්මක් දක්වයි. වෙනදාට වඩා පවුලේ කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් දේ ඉගෙනීමට වෙහෙසෙන දිනයකි.

මිථුන

වගකීම් බහුල කරයි. අමතර ආදායම් යෙදෙන කටයුතු කීපයක් යෙදේ. පැරැණි හිතවත්කමක් අලුත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

කටක

සෙම් රෝග, උගුර ආශි‍්‍රත ආබාධ ඇතිවීමට ඉඩ ඇත. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම වැදගත් කරයි. පුණ්‍ය කටයුත්තකට සම්බන්ධවීමට හේතු යෙදෙන දිනයකි.

සිංහ

පවුලේ කෙනකු පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. හදිසි ගනුදෙනුවකට සැලසුමක් ඇති කර ගනී.

කන්‍යා

ගතට සිතට වෙහෙසකාරී බවක් ඇති කරයි. උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

තුලා

වෙහෙස ඇති ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. අලුත් දැන හැඳුනුම්කමකට අවස්ථාව උදා කරයි. ළඟම හිතවතකුගෙන් උපකාරයක් හිමි කරයි.

වෘශ්චික

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. හදිසි කෝපය හේතුවෙන් කටයුතු කීපයක වෙනසක් සිදු කරයි. විශේෂ සැලසුමකට කටයුතු උදා කරන දිනයකි.

ධනු

වගකීම් බහුල දිනයකි. පවුලේ සතුට සමාදානයට හේතු ඇති කරයි. ප්‍රභූ ඇසුරට කටයුතු උදාකරන බවක් පෙනේ.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. වෙනදාට වඩා වැයපස අධිකවන බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත හිමි කරයි. වගකීම් බහුල දිනයකි.

කුම්භ

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. මවුපස ඥාතියකුට උපකාරයක් හිමි කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ.

මීන

පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරයි. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කටයුතු කීපයක් යෙදේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.