අත් දුටු අත් බෙහෙත්

ජූලි 19, 2024

 

සෙම් ගෙඩි නැසීමට

1. සර්වවිෂාදී තෛලය බෙල්ලේ ගා පොල්තෙල් පහනකින් රත්කර ගත් බුලත් කොළයකින් තවන්න. සර්ව විෂාදි තෛලය අමු ඉඟුරු යුෂ සමඟ කලවම් කර සෙම් ගෙඩිවල ගාන්න. සහිඳ ලුණු වියළි ඉඟුරු වැල්මී තිප්පිලි සමව ගෙන මී පැණියෙන් අඹරා සෙම්ගෙඩිවල ගාන්න. ගම්මිරිස් කුඩු ලුණු කුඩු ඇඹුල් දොඩම් යුෂ සමඟ මිශ්‍ර කර උගුර මැද සෙම අරින්න.

2. මුරුංගා මුල්, ඇඹුල් දොඩම් ඇඹුලෙන් අඹරා හක්කේ තියා සෙම හරිනු.

මදුරු කරදරයෙන් නිදහස් වෙන්න

වලඟසාල්, අරළු, බුළු, නෙල්ලි, ලාකඩ, බදුල්ල ඇට, උක්හකුරු, වරාකොළ මේවා සියල්ල සමබර ගෙන කොට කුඩුකරගෙන සවසට නිවසේ දුම් ඇල්ලීමෙන් මූෂික, මදුරු, කුරුමිණි වැනි සතුන් සහමුලින්ම දුරුවේ.

වස විස කැවුණු විට

පොල්කිරි, උක් පැණි, දෙහි ඇඹුල් එක තරමට ගෙන රතුලූනු මිශ්‍රකර රෙදි කඩකින් පෙරා බොන්ට දෙනු. වමනය වී සුව වෙයි.

 

ගෝනුසු විෂට

තෝර කොළ, දියලුණු සමව ගෙන කොටා මලවා කෑ මුඛයේ බඳිනු.

හොරි, දද, කුෂ්ඨවලට

මනෝසීල, හිරියල්, ගම්මිරිස්, අබතෙල් මේවා සමව ගෙන අඹරා ආලේප කිරීමෙන් දද, කුෂ්ට සුවවේ.

 

පත්තෑ විෂට

කඩු පහර, කැකුලු හාල් පානු වතුරෙන් අඹරා කෑ මුඛයේ ගානු.

 

නින්දෙන් මුත්‍රා යනවාට

මුඟුණු වැන්න, පොල්පලා, රණවරා සමව ගෙන හීනැටි හාල් දමා පොල්කිරි කැඳ පිස හිස්බඩ (උදේ) කිතුල් හකුරු සමඟ 07 වේලක් බොන්නට දෙනු.

 

මූත්‍ර දැවිල්ලට

ඉඟිණි ඇට, වැල්මී, සුදු හඳුන් කලං හතර බැගින් ගෙන හොඳින් අඹරා තැඹිලි ගෙඩියකට දමා සවස පින්නේ තබා උදේම පෙරා බොනු.

 

ශාන්ති කර්ම, ගුප්තවිද්‍යා එස්. ටී. එස්. ද සිල්වා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.