2024.06.08 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 8, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.25
රාහු කාලය - උදේ 09.01 - 10.36
සුබ දිශාව - දකුණ

 

මේෂ

පවුලේ කටයුතුවලදී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. වගකීම් බහුල කටයුතු කීපයක් යෙදේ.

වෘෂභ

අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසෙන බවක් පෙනේ. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

මිථුන

උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. එමෙන්ම පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන දිනයකි. උසස් අයගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

කටක

සැනසිලිදායක බව තරමක් දුරට අඩුවන බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන දිනයකි.

සිංහ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. මවගේ අසනීපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා වෙහෙසකාරී කටයුතු කීපයක් යෙදෙන දිනයකි.

කන්‍යා

අසල්වැසි සුහදතාවයට කරුණු ඇති කරයි. පැවැති අසහනකාරී බව මඟහැරී යන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

තුලා

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

වෘශ්චික

ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසේ. ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. මවුපස ඥාතියකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

ධනු

පවුලේ අය අතර කැපී පෙනෙන කටයුතු කීපයක් යෙදේ. නිතර විනෝදයට බරව කටයුතු සිදු කරයි. රැකියා බලාපොරොත්තුවක් ඉටුකරන දිනයකි.

මකර

මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. උත්සාහයේ තරමට ප්‍රතිපල අත්නොවන බවක් පෙන්නුම් කරයි. වගකීම් බහුල දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් යෙදේ. අමතර ලැබීම් අතින් යහපත් කරයි.

මීන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නොගැළපෙන ඇසුරකට සිත යොමු කරයි. වගකීම් බහුල දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.