2024.05.31 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

මැයි 31, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.53
ඉර බැස්ම - ප.ව. 06.23
රාහු කාලය - උදේ 10.34 - 12.08
සුබ දිශාව - දකුණ

 

මේෂ

ලැබීම් අතින් යහපත්වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරන දිනයකි.

වෘෂභ

අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ වගකීමක් තමා පිට පැවරේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන බවක් පෙනේ.

මිථුන

නීති ගැටලුවකට මැදිවන දිනයකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා නොවන බවක් පෙනේ.

කටක

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි. දුර ගමනක් වෙනුවෙන් කටයුතුª සූදානමක් ඇති කර ගනී.

සිංහ

විශේෂ වරප්‍රසාද කීපයකට කරුණු උදා කරයි. අමනාප වූ කෙනකු සමඟ හිතවත්වීමට අවස්ථාව උදා කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති දිනයකි.

කන්‍යා

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන බවක් පෙනේ. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

තුලා

බාහිර අලංකාරයට කැමැති දිනයකි. විශේෂයෙන් කෑම බීම ගැනීමේදී කල්පනාකාරී වන්න. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

ධනු

විවේකය අඩුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන දිනයකි.

මකර

වගකීම් බහුල කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. සුළු සුළු ආදායම් මාර්ග යෙදෙන දිනයකි.

කුම්භ

පවුලේ අය අතර සුහදතාවයට කරුණු ඇති කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුර දිග සිතා බලන්න. සමාජයේ ප්‍රසිද්ධියට කරුණු ඇති කරන දිනයකි.

මීන

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. අමතර ලැබීම් සහිත දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.