2024/05/24 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

මැයි 24, 2024

 

ඉර උදාව පෙ.ව. 05.53
ඉර බැසීම ප.ව. 06.22
රාහු කාලය උදේ 10.33 - 12.08
සුබ දිශාව – උතුර

 

මේෂ

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන දිනයකි. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. සහෝදර බැඳීම් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ.

වෘෂභ

සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. ගේදොර කටයුතු පිළිබඳ වැඩි වෙහෙසක් දැරීමට සිදුවන බවක් පෙනේ. අමතර ලැබීම් සහිත දිනයකි.

මිථුන

පැරැණි හිතුවත්කමක් අලුත් කරයි. හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතුකරයි. ඥාති උපකාරයකට මඟ සැලසෙන දිනයකි.

කටක

සිතේ චංචලකාරි බවකින් කටයුතු සිදු කරයි. පපුව ආශි‍්‍රත ආබාධ, සෙම් රෝග ආදියෙන් පීඩා විඳින බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති දිනයකි.

සිංහ

මනසට පීඩාකාරි සිතිවිලි කීපයක් ඇති කරයි. අසල්වැසි සුහදතාවයකට බාධා ඇති කරන කටයුතු කීපයක් යෙදේ. හදිසි ගනුදෙනුවකට කටයුතු යෙදෙන දිනයකි.

කන්‍යා

විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු සැලසේ. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. පුණ්‍ය කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන දිනයකි.

තුලා

අමතර වගකීම් බහුල කරයි. නිතර සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. අමතර රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

ධනු

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. අලුත් වැඩ කටයුතු කීපයක් ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙන දිනයකි.

 

මකර

වගකීම් බහුල කරයි. උත්සාහවන්තව කටයුතු සිදු කරයි. දරුවකුගේ කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. පුණ්‍ය කටයුතුවල නිරතවන දිනයකි.

කුම්භ

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන දිනයකි.

මීන

ගතට සිතට සැනසිල්ල උදා කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. හදිසි ගනුදෙනුවකට කටයුතු යෙදෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.