2024.05.21 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

මැයි 21, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.53
ඉර බැසීම - ප.ව. 06.21
රාහු කාලය - සවස 03.14 - 04.48
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන දිනයකි. පැවැති වගකීමකින් නිදහස උදා කරයි. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

වෘෂභ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැවැති නීතිමය ගැටලුවකින් නිදහස උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

මිථුන

ලැබීම් අතින් යහපත් වන බවක් පෙනේ. පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

කටක

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. පෙනහළු ආශි‍්‍රත ආබාධ, සෙම් අමාරු ආදියෙන් පීඩාගෙන දෙන බවක් පෙනේ. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන දිනයකි.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. මවගේ කටයුතු හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට කටයුතු සැලසීමට ඉඩ ඇති බවක් පෙනේ. වැයපස අධිකවන දිනයකි.

කන්‍යා

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. මෙතෙක් අතහැරදමා තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

තුලා

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. වෙනදාට වඩා පින් දහම් කටයුතුවල නිරතවන කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරයි.

ධනු

ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙහෙස ඇති ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී.

මකර

අමතර වියදම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

කුම්භ

ලැබීම් අතින් යහපත් කරයි. නැති වූ දෙයක් නැවත හිමිවන බවක් පෙනේ. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන දිනයකි.

මීන

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසේ. පැවැති අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු උදා කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.