2024/03/26 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 26, 2024

 

ඉර උදාව පෙ.ව. 06.12
ඉර බැසීම ප.ව. 06.21
රාහු කාලය සවස 03.18 - 04.50
සුබ දිශාව – දකුණ

 

මේෂ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. වෙනදාට වඩා දුර දිග සිතා බලා කටයුතු කළ යුතු බවක් පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි.

වෘෂභ

පවුලේ වගකීමකින් නිදහස අත් කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට ද හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

මිථුන

ලැබීම් අතින් යහපත් වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.

කටක

වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන දිනයකි. විශේෂ තෑගි බෝග හිමිවන බවක් පෙන්නුම් කරයි.

සිංහ

නැතිවූ දෙයක් නැවත හිමි කරයි. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති බවක් පෙනේ. විශ්වාසය බිඳවැටීමක් සිදු වීමට ඉඩ ඇති බවක් පෙනේ.

කන්‍යා

නිතර පොත්පත් ලිපිලේඛන ගැටලුවකට මුහුණපායි. වරින් වර ඇතිවන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන දිනයකි.

තුලා

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. අන්සතු වස්තු ලාභයකට ඉඩකඩ ඇති බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා ඇසුරු කරන්නන් පිළිබඳ කල්පනාකාරි විය යුතු බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

ධනු

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

මකර

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

කුම්භ

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩකඩ ඇති දිනයකි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. අමතර ලැබීම් හිමිවන කරුණු කීපයක් යෙදේ.

මීන

සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා ගෘහ ජීවිතයේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරයි. විදෙස් උපකාරයක් හිමිවීමට ඉඩ ඇති දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.