2024.03.19 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 19, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.15
ඉර බැසීම - ප.ව. 06.21
රාහු කාලය - සවස 03.19 - 04.50
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසෙමින් පවතින දිනයකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. හිතවත්කම් අලුත්වන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

වෘෂභ

නැති වූ දෙයක් නැවත හිමිකරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි. දරුවකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබෙන බවක් පෙනේ.

මිථුන

පැවැති බාධාකාරී බව මඟහැරී යයි. සමාජයේ ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. හදිසි ජයග්‍රහණයට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරයි.

කටක

ලැබීම් අතින් යහපත් කරයි. එහෙත් පපුව පෙනැහල්ල ආශි‍්‍රත ආබාධයකින් පීඩාකාරී බවක් ඇති කරයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවිය හැකි දිනයකි.

සිංහ

හිතුවක්කාර ලෙස කටයුතු සිදු කරගෙන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න. අලුත් අය දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි.

කන්‍යා

නීති කටයුතුවලට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවන දිනයකි.

තුලා

පැවැති ශාරීරික වෙහෙසීම් මඟහැරී යන බවක් පෙනේ. නිතර බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙයි. හදිසි ගනුදෙනුවකට මඟ සැලසෙන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. නිතර පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. දේපළ ගනුදෙනුවකට ඉඩකඩ ඇති දිනයකි.

ධනු

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා වගකීම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.

මකර

විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. එහෙත් නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත.

කුම්භ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසේ. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.

මීන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. නම ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. නිතර සමාජ සේවා කටයුතුවලට සම්බන්ධතා දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.