2023.12.25 සඳුදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 25, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.19
ඉර බැසීම - ප.ව. 06.02
රාහු කාලය - උදේ 07.46 - 09.15
සුබ දිශාව - දකුණ

 

මේෂ

වගකීම් බහුල කරන දිනයක් වන අතර, පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.

වෘෂභ

වෙහෙසකාරී කටයුතු කීපයක් යෙදේ. වරින්වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පවුලේ භෝජන සංග්‍රහයකට කටයුතු උදා කරන දිනයකි.

මිථුන

විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙනේ. ඥාති හිතවතුන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. නිතර නිවෙසින් පිට වාසයට හේතු ඇති කරන දිනයකි.

කටක

ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. සෙම් රෝග, උගුරේ අමාරු බහුල දිනයකි. නිතර ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.

සිංහ

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙන්නුම් කරයි. අසල්වාසි සුහදතාවයට බාධාගෙන දෙන දිනයකි. ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

කන්‍යා

අමතර වෙහෙසීම් බහුල කරන බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙන්නුම් කරයි. විශේෂ සැලසුමකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා දිනයකි.

තුලා

වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. අඹුසැමි සුහදතාවයට බාධා ගෙන දෙන බවක් පෙනේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන දිනයකි.

ධනු

පවුලේ අය සමඟ සුහදතාවයෙන් කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. නව ආදායම් මාර්ග කෙරෙහි සිත යොමුකරන දිනයකි. භෝජන සංග්‍රහයක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී.

මකර

නොසිතූ ගැටලුකාරී බවක් මතුකරයි. ගතට සිතට විනෝදය අඩුකරන බවක් පෙනේ. අමතර වියදම් බහුල කරන දිනයකි. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි.

කුම්භ

ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. නිතර ඇසුරු කරන අයකු සමඟ සිත් අමනාපයක් ඇති කර ගනී. රැකියාවේ විශේෂ වරප්‍රසාදයකට හිමිකම් ඇති කරයි.

මීන

කල්ගත වූ තීරණයක් සාර්ථක කරයි. විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. වරින් ඇති කරන හිසේ ආබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන දිනයකි. ඖෂධ භාවිතයේ දී සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.