වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
2025.01.06 සඳුදා - ලග්න සහ රාහු කාලය
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/ada%20dawasa_118.jpg?itok=DRFvnvF7)
ඉර උදාව - පෙ.ව. 06.24
ඉර බැසීම - ප.ව. 06.08
රාහු කාලය - උදේ 07.52 - 09.20
සුබ දිශාව - උතුර
මේෂ
අවිවේකී ලෙස දවස උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳී යන බවක් පෙනේ.
වෘෂභ
නිතර නිවෙසින් බැහැරව කටයුතු සිදු කරයි. වරින් වර ඇති කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.
මිථුන
උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකියි. ණය ගනුදෙනුවකින් නිදහස සැලසෙන දිනයකි. වැය පස අධික කරයි. අවිවේකී බවක් ඇති කරයි.
කටක
ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. රැකියාවේ කටයුතු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ.
සිංහ
නැති වූ දෙයක් නැවත හිමිකරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අලුත් දේ මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. හුදකලාව කටයුතු කිරීමට කැමැති දිනයකි.
කන්‍යා
ඇසුරු කරන අය සමඟ පි‍්‍රයතාවයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් වේ.
තුලා
විනෝදකාමී ලෙස කටයුතු සිදු කරයි. වැයපස අධික කරන දිනයකි. වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. උදරගත ආබාධයකින් පීඩා අත් කරයි.
වෘශ්චික
හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ වගකීමක් තමාපිට පැවැරීමට ඉඩ ඇත.
ධනු
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් හිතමිතුරු ඇසුරකට කටයුතු සැලසේ. අමතර වියදම් බහුල කරන දිනයකි.
මකර
අවිවේකී දිනයකි. තමාට නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. හදිසි අසනීපයකට ප්‍රතිකාර පතයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන දිනයකි.
කුම්භ
අමතර ලැබීම් සහිත දිනයකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියක් ඇති කරන දිනයකි.
මීන
ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. අලුත් ඥාතිමිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. දණහිසේ හෝ කොන්ද ආශි‍්‍රත ආබාධයකින් පීඩා අත් කරන දිනයකි.