වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
අර්ශස් සඳහා ගුණ දෙන අගනා ඖෂධාහාරය කිඩාරම්
මිනිසාට වැළදෙන රෝගාබාධ අතුරින් බහුල වශයෙන් දැකිය හැකි රෝගයක් වශයෙන් අර්ශස් රෝගය හැඳින්විය හැකිය. ගේ කුරුල්ලාට හැර අනෙක් සියලුම සත්ත්වයන්ට අර්ශස් වැළඳේ යයි කියනු ලැබේ. මෙවන් ප්‍රකට රෝගයක් වූත් මහා රෝග අටෙන් එකක් වූත් අර්ශස් රෝගය සඳහා බොහෝ සෙයින් ගුණදෙන ඖෂධ යෝග අතුරින් ඉතා වැදගත් ඖෂධාහාරයක් ලෙස ‘කිඩාරම්’ හැඳින්විය හැකිය.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේද දක්නට ලැබෙන ඖෂධ යෝග අතුරින් කිඩාරම් අඩංගු ඖෂධ යෝග බොහෝමයක් දක්නට ලැබෙයි. සංහිතා යුගයේ සිටම ඖෂධ සඳහා කිඩාරම් භාවිතා කළ බව දක්නට ඇත. එසේම දේශීය වෛද්‍ය ග්‍රන්ථ වලද කිඩාරම් අඩංගු ඖෂධ යෝග බොහොමයක් හමුවේ. කැසීම බහුල යන අරුතින් කණ්ඩුලම් යන්න කිඩාරම් බවට පෙරළී ආ බවක් ඇතැම්හු කියති.
වැවෙන ප්‍රදේශ
විදේශිය වශයෙන්
මලයා ඉන්දියා සහ පැසිපික් දිවයින්වල දක්නට ලැබෙන අතර තැනිතලා ප්‍රදේශවල විශේෂ වේ.
දේශීය වශයෙන්
ශී‍්‍ර ලංකාවේ පහත් බිම්වල සහ මධ්‍යම පළාතේද එමෙන්ම පහතරට තෙත් කලාපයේ සිට මුහුදු මට්ටමින් අඩි 2000 දක්වා උස්වූ ප්‍රදේශවල වැවේ. විශේෂයෙන් මුහුදු බඩ වැවෙන මෙය ගාල්ල, මාතර අතර කැළෑබදව බෙහෙවින් දක්නට ලැබේ. වගාවක් ලෙස අතීතයේ කර ඇති අතර දැනට බොහෝ ඉඩම් වල ස්වභාවිකව වැවේ. පේරාදෙණිය උද්භිද උද්‍යානය නාවින්න ආයුර්වේද පර්යේෂණායතනය, බත්ගොඩ හා පල්ලෙකැලේ ඔසු උයන්වලද දක්නට ලැබේ.
ස්වරූපය
නාලාකාර ශාකයකි. පොළොව මට්ටමින් පහතට පිහිටි කොටස ගෝලාකාර ස්වරූපයක් ගනියි. කදෙහි විශ්කම්භය සෙ.මි.20 – 25 දත්වා වෙයි. තවද එම කඳෙහි තද කොළ වර්ණයෙහි ලා කොළ පැහැයෙන් යුතු වන පොළගෙකුගේ පිටට සමාන පැල්ලම් දක්නට ලැබෙන පත්‍ර එකක් හෝ දෙකක් පිහිටයි. ඒවා සෙ.මි.30 – 41 දක්වා පළල් වේ. මෙහි මල් හටගැනීමට කලක් ගත වන අතර එම මල් දම් පැහැයෙන් යුක්තවේ. පිපුණු මලින් මළකුණු ගඳ බදු ඉතා සැර දුර්ගන්ධයක් වහනය වේ. සාමාන්‍යයෙන් මල් හටගනු ලබන්නේ දෙසැම්බර් සිට මාර්තු දක්වා වේ. මල් පිපීමෙන් පසු ගස විනාශ වී යයි. කිඩාරම් අලය ඉතා විශාල වන අතර අලියකුගේ පයට සමාන හැඩහුරුකම දක්වයි.
කිඩාරම් සඳහා විවිධ භාෂාවලින් හඳුන්වන නාම -
පොදු සිංහල නාමය
කිඩාරම් වන අතර
සංස්කෘත බසින් - සූරණ, ශූරණ, ඕල, වාතාරී බහුකන්ද, ස්ථූලකන්ද, වජ්රකන්ද, ති‍්‍රශිර්ෂක, කණ්ඩුල අර්ශෝඝ්ණ, සුවෘත්ත, රුච්යදකන්ද, ගුදාමය හර, ගප්පද, ස්ර්ථනාල, කන්දනායක ආදී නාම රාශියක් වේ. ඒ අතුරින්
සර්පනාල - කඳ සර්පයෙකු මෙන් පැල්ලම් ඇති හෙයින්ද ති‍්‍රශීර්ෂක - පත්‍ර ප්‍රධාන කොටස් 3කට බෙදී ඇති හෙයින්ද කණ්ඩුල - ශරීරයේ කැසීම් ඇති හෙයින්ද ස්‍රවෘත්ත - ඉහළ පත්‍ර වෘත්තාකාරව පිහිටන නිසාද වාතාරී - වාතය නසන හෙයින්ද බහුකන්ද - අල කිහිපයක් ඇති හෙයින්ද ගුදාමයහර - ගුද රෝග නසන හෙයින්ද යෙදේ. එසේම රුච්‍යකන්ද - අල ආහාර රුචිය ඇති කරන හෙයින්ද ගජපද - අලි පයක හැඩරුව ඇති නිසාද යෙදේ.
හින්දි බසින් සූර්ණ ජමිකන්ද හා ජීමිකන්ද යනුවෙන්ද වංග බසින් ඕලු යනුවෙන්ද දෙමළ බසින් කර්ණය කිලංගු කරුලගාය යන නාම යෙදේ. ඉංගී‍්‍රසි බසින් ඊඥතභඨච ර්‍ථධබචබධ යනුවෙන් යෙදේ. කිඩාරම් වල උද්භිද විද්‍යාත්මක නාම ඒථපධනඩධනඩචතතභඵඛ්චථනචදභතචබභඵඕතභථඥ
ඒථධපධර්‍ථඩධනඩචඪඪභඵර්‍ථචඥධදඪඪටධතඪභඵ (ච්ඥදභඵ) වන අතර
කුලය ඒඅඒඛ්ඡ්ඒඡ් හෙවත් සූර්ණ කුලය වෙයි
ඖෂධ සඳහා වැදගත් අංග -
අල වන අතර
ප්‍රභේද - ආකාර අනුව ප්‍රභේද 2කි.
1.රත් පැහැයට හුරු සුදු (රක්තාභ ශ්වේත)
2. සුදු (ශ්වේත) වශයෙනි.
වගාව අනුව ප්‍රභේද 2කි.
1.ගම් කිඩාරම් (ග්‍රම්‍ය) - කෘෂිකර්මාන්තයක් ලෙස වගා කරයි.
2.වල්කිඩාරම් (වන්‍ය)) - නිරායාසයෙන් වන ගතව වැවේ.
මෙයින් ගම් කිඩාරම් ආහාරය පිණිසත් වල් කිඩාරම් ඖෂධ සදහාත් යෝග්‍ය වේ.
කිඩාරම් වල අඩංගු රසායනික උපාදාන -
අලයෙහි, කටුක, තික්ෂණ, විදාරී රස ඇත. එය ඇඟේ තැවරුන විට කැසිල්ලත්, දැවිල්ලත්, හට ගනියි. වල් කිඩාරම් වල මෙම ස්වරූපය අධිකය. තවද අලයෙහි ඛ්චතජඪභථධයචතචබඥ ද අඩංගුය.තවද 78.7% ක් ආර්ද්‍රතාද 2.2%ක් මාංසජනක (ප්‍රෝටීන්) ද 8.01% ක් තෛලද, 18.04%ක් පිෂ්ඨ ශ්‍රරාද 0.08%ක් ඛනිජද 0.05%ක් චූර්ණ ධාතුද, 0.02%ක් ප්‍රකාශද අඩංගුවේ.
තවද ග්‍රෑම් 100යි. මිලිග්‍රෑම් 0.4ක් ලෝහද අන්තර්ජාතික ඒකක 4.34ක් විටමින් ඒ ද,එසේම අන්තර්ජාතික, ඒකක 20ක් විටමින් බී ද අධිකව පවතියි. මේ ආදී වශයෙන් ස්වරූපයක් කිඩාරම් වල පවතී.
කිඩාරම් වල ඖෂධීය ගුණ කර්ම සැලකීමේදී -
රසයෙන්, කටුක හා කෂාය වන අතර ගුණයෙන් ලඝූ රූක්ෂ හා තීක්ෂණ වේ. වීර්යයෙන් උෂ්ණ වන අතර විපාකයෙන් කටුක වේ. ප්‍රභාවයෙන් අර්ශෝස්න (අර්ශස් නසන) ගුණ ඇත.
දෝශ අනුව සැලකීමේදී -
කිඩාරම් සෙම වාත සමන ගුණ යුතු අතර සෙම් වාත රෝග සහ ආමවාතයේදී ප්‍රයෝග කරනු ලබයි.
ශාරීරික ව්‍යුහාගත කි‍්‍රයා සැලකීමේදී බාහිර වශයෙන් මෙය ශෝථහර (ඉදිමුම් නාශක) සහ වේදනා ස්ථාපන (වේදනා නසන) ගුණ යුතුය. සන්ධි ඉදිමුම්, ශ්ලීපද (බරවා) අර්බුද (ගෙඩි) ආදියේදී කිඩාරම් අල අඹරා ගිතෙල් හෝ මී පැණි සමඟ අනා ආලේප කරනු ලබයි.
අභ්‍යන්තර වශයෙන්
ආහාර පරිපචන ව්‍යුහාවේදී - මෙය රුචිය වඩන, දීපන, පාචන, අක්මා උත්තේජන, අනුලෝහන, වේදනා නාශක, අර්ශෝස්න (අර්ශස් නසන) කෘමිස්න (පනුවන් නසන) කි‍්‍රයා වලින් යුතුයි. අක්මා කි‍්‍රයාව ක්‍රමවත් වීම සඳහා සහාය වීම වායුව අනුලෝමනය කිරීම සහ අර්ශස් අංකුර වල පවත්නා ලේ නාල හකුළුවාලීම යන මේවා මෙහි විශේෂ ප්‍රතිඵල ලෙස සැලකිය හැක. වැඩිපුර ආහාර ගැනීම ෂෂ්කම්භයටද හේතුවෙයි. මෙනිසා ආහාර අරුචිය, බඩගිනි අඩුකම, මලබද්ධය, උදරවේදනා,ගුල්ම අක්මා රෝග, පිලාවේ රෝග, කෘමිරෝග සහ අර්ශස් ආදියේදී කිඩාරම් ප්‍රයෝගය අතිශයින් වැදගත් වන අතර ඉන් වඩාත් වැදගත් වනුයේ සෙම් වාතජ අර්ශස් සඳහා යෙදීමයි.
ශ්වසන ව්‍යුහාවේදී
මෙය සෙම් නසන ගුණ යුතු නිසා කාස හා ශ්වාස සදහා ප්‍රයෝග කරනු ලබයි.
ප්‍රජනන ව්‍යුහාවේදී - කිඩාරම් වෘෂ්යය (ශක්තිය වඩන) ගුණ යුතු අතර ආර්ථව ජනන ගුණ යුතුයි. මෙනිසා ශුක්‍රව දුබලතා සහ ඔසප්වීම් දුබලතා සඳහා ඖෂධයෝග සකසා යෙදිම ඉතා යෝග්‍ය වේ.
තවද ශාරීරික සාමාන්‍ය දුබලතා සමනය සඳහා ද කිඩාරම් අතිශයින් යෝග්‍ය වේ. මේ අතර දද කුෂ්ඨ ආදී සමේ රෝග ඇති අයටද රත් පිත් රෝගීන්ටද කිඩාරම් යෙදීම නුසුදුසු වන අතර එයට හේතු වනුයේ එහි ඇති තීක්ෂණ හා උෂ්ණ ග්ණ දෙකින් ලේ කුපිත වන බැවිනි.
තවද අශුද්ධ වූ ද අමු (නොවියලුණු) වූද කිඩාරම් අල කෑමෙන් මුඛය පැසවීම, උගුරේ දැවිල්ල හා කැසීම ඇති විය හැක. මෙම තත්ත්වයන් වලක්වාලීම සදහා දෙහි ඇඹුල් සියඹලා ඇඹුල් ආදී අම්ල පදාර්ථ යෙදීම යෝග්‍ය) වේ.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ
කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන