වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
රත්පිත් උන්මාද නසනගතට සිසිල දෙනකොමඩු
පලතුරුවලින් මිනිසාගේ නීරෝගිකම ආරක්ෂා කිරීමත් රෝගවලින් සුවය ලැබීමත් සිදුවන අතර ශාරීරික පෝෂණය බොහෝ සෙයින් ලබා දේ. අපගේ නීරෝගිකම රැකගැනීම සඳහා ස්වභාවධර්මයෙන්ම ලබා දුන් දායාදයක් ලෙස පලතුරු හැඳින්විය හැකි අතර බොහෝ පලතුරු වර්ග වැවෙනුයේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් මතය.
මේ දිනවල අප අවට පරිසරයේ උෂ්ණත්වය අධිකව පවතින නිසා බාල, තරුණ, මහළු සියලු දෙනාටම ඇත්තේ දැඩි පීඩාවකි. රාත්‍රියට දැනෙන අධික රස්නය නිසා සුව නින්දකට ඉමහත් බාධාවක් වී ඇත. මෙනිසා බොහෝ සෙයින් ජලය මෙන්ම වෙනත් පානවර්ග වැඩිපුර ගැනීමේ වටිනාකම පිළිබඳව නිරන්තරයෙන් වෛද්‍යවරු උපදෙස් දෙනු ලබන්නේ එසේ නොවුවහොත් ජලීය පදාර්ථ ශරීරය තුළ අඩුවීම නිසා රෝගීවීමට ඉඩ ඇති බැවිනි. මේ අතර ජලීය පදාර්ථ අධිකව ඇති පලතුරු එළවලු ආදිය ද වැඩිපුර ආහාරයට ගැනීමද වැදගත් වේ.
මේවා අතරින් ජලය බහුලව ඇති පලතුරක් ලෙස කොමඩු හැඳින්විය හැකිය. පලතුරු මිනිසුන්ගේ අතුරු ආහාරයක් ලෙස හැඳින්විය හැකි අතර බොහෝ සතුන්ගේ ප්‍රධාන ආහාරයද වේ.
පලතුරුවලින් මිනිසාගේ නීරෝගිකම ආරක්ෂා කිරීමත් රෝගවලින් සුවය ලැබීමත් සිදුවන අතර ශාරීරික පෝෂණය බොහෝ සෙයින් ලබා දේ. අපගේ නීරෝගිකම රැකගැනීම සඳහා ස්වභාව ධර්මයෙන්ම ලබා දුන් දායාදයක් ලෙස පලතුරු හැඳින්විය හැකි අතර බොහෝ පලතුරු වර්ග වැවෙනුයේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් මතය.
වියලි කලාපයේ ජලය හිඟකම නිසා තද වියළි කාලගුණයක් පවතින කාලවල වැවෙන ජල බහුල ඖෂධීය පලතුරු වර්ග අතරින් කොමඩු වැදගත් පලතුරක් වන අතර මෙය ශ්‍රී ලංකාවේ බහුලව ජනප්‍රිය වන අතර කොමඩු පැණි කොමඩු සහ පැණි පුහුල් ආදී නම්වලින් හඳුන්වනු ලබයි. ගොවීන් අතරද ඉතා ජනප්‍රිය බෝගයක් වශයෙන්ද මෙහි ඇති ඖෂධීය ගුණ නිසාම පැරණි ආයුර්වේද සංහිතා ග්‍රන්ථවලද සඳහන්ව තිබුණි.
කොමඩු වැවෙන ප්‍රදේශ
විදේශීය වශයෙන් - අප්‍රිකානු මහද්වීපයේ හටගත් බෝගයක් ලෙස සැලකේ. දකුණු අප්‍රිකාවේද වගා කරන අතර ඉන්දියාවේ ගංගා තීර දෙපස ඉතා හොඳින් වගා කරනු ලබයි. මේ අතර පෙරදිග රටවලද කොමඩු ඉතා හොඳින් වගා කරනු දක්නට ලැබේ.
දේශීය වශයෙන් - ශ්‍රී ලංකාවේ නිවර්තන කලාපීය ප්‍රදේශවල ඉතා හොඳින් වැඩෙන කොමඩු මහවැලි ව්‍යාපාරය ඇතුළු වියළි කලාපීය ප්‍රදේශවලද ඉතා හොඳින් වගා කරනු ලබයි.
කොමඩුවල ස්වරූපය
වියළි කලාපයේ ගොවීන් විශේෂයෙන් හේන් ගොවිතැන් කරනු ලබන අවස්ථාවේ අනෙකුත් ධාන්‍ය ඇට සමඟින් කොමඩු ඇටද කලවම් කර වපුරනු ලැබේ. කොමඩුද පුහුල් කැකිරි වට්ටක්කා මෙන් ගෙඩි හටගන්නා වැල් වර්ගයකි. එසේ වුවද කැකිරි පුහුල් වට්ටක්කා වැල් මෙන්ම කොමඩු වැලේ කඨෝර ගතියක් නැත. කොමඩු වැලේ කොළ වැටකොළු කොළ මෙන් ස්වභාවයක් ගනු ලබයි. කොළ මෘදුයි. මෙම කොළ හොඳින් ඇඟිලි ආකාරයට බෙදී පවතින අතර කොළවල මේදමය ස්වභාවයක් ඇත. බීජ සිටුවා පැළ හටගෙන දින 30ක් පමණ ගත වූ විට මල් හට ගැනීම සිදු වේ. කොමඩු ගෙඩි මධ්‍යම ප්‍රමාණයේ පුහුල් ගෙඩි පමණ වන අතර මෙම ගෙඩි කොළ පැහැයක් ගනු ලබයි. ගෙඩියේ සුදට හුරු පුල්ලි දක්නට ලැබේ. ගෙඩියේ මදය රතු රෝස පැහැයක් ගනු ලබන අතර මෙහි කළු පැහැ බීජ දක්නට ලැබේ. මෙම ගෙඩි සාමාන්‍යයෙන් රාත්තල් 6 – 8 පමණ බරින් යුතු වේ.
කොමඩු පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නම් -
පොදු සිංහල නාම - කොමඩු, පැණිකොමඩු, පැණි පුහුල් ආදී නාමයන් යෙදෙන අතර
සංස්කෘත බසින් - කාලින්ද, කාලිංග, මාංශල, ක්‍රිශ්ණ බීජ, මදුරඵල මාංශඵල, මේශාශිතා, පිරිත්තඵල චිත්‍රා, චිත්‍රාඵල චිත්‍ර වල්ලිකා ගොදුම්භා, අල්ප ප්‍රමාණතා චලනා රාජක භීජා සහ සුභවයා යන නාමයන් යෙදේ.
මේ අතරින්, චිත්‍රා - ගෙඩිවල චිත්‍රයක් මෙන් හැඩය ඇති නිසා යෙදේ.
හිංදි බසින් - හරින්දා, මාබුස්, ටාරුබුසා, තර්බජ ආදී නාමයන් යෙදෙන අතර
දෙමළ බසින් - පානි පූසනී, පිච්චා සහ පල්ලුම් යන නාමයන් යෙදේ.
ඉංග්‍රීසි බසින් - ඹචබඥප ථඥතධද සහ ඵඹඥඥබ ථඥතධද යන නාම යෙදේ.
කොමඩු වල උද්භිද විද්‍යාත්මක නාමය - ජධතධඥරදබඩඪඵ ජඪබපභතතභඵ ( ත ) ඬභපභබල චඡඥරඹඪජඬ වන අතර කුලය, ජභඥභපඡඪබචජඥචඥ හෙවත් කෝශාතකී කුලය වේ. මෙම කුලයට අයත් තුරු ලතා අතර පුහුල් කෝවක්කා ගොන් කැකිරි, කැකිරි, තිත්ත ලබු, දියලබු, තික්ත වැටකොළු, දේවදාලී, තුඹ කරවිල, කරවිල, හොඩල දුම්වැල්ල හා වල් රසකිද වේ.
කොමඩු ප්‍රභේද
1.කොමඩු 2. යක් කොමඩු වශයෙන් ප්‍රභේද 2ක්ද උද්භිද විද්‍යාත්මකලක්ෂණ අනුව
1. පැණි කොමඩු - ඵඹඥඥබ ථඥතධද
2. පත්තක්කා - ඹචබඥප ථඥතධද වශයෙන් ප්‍රභේද දෙකක් වේ.
මේ අතර ශ්‍රී ලංකාවේ දැනට බෙහෙවින් ජනප්‍රිය වී ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිිත කොමඩු වර්ගය ‘‘තිලිනි’’ නමින් හැඳින්වේ.
කොමඩු වල ප්‍රයෝජනයට ගනු ලබන අංග
ගෙඩිය ඇතුළත මදය ඖෂධ සහ ආහාර වශයෙන් ප්‍රයෝජනට ගනු ලබන අතර ඇට, මල් සහ මුල්ද ප්‍රයෝජනයට ගනු ලබයි.
කොමඩුවල ආහාරමය වටිනාකම
කොමඩු ගෙඩි පලතුරක් ලෙස ආහාරයට ගනු ලබන අතර සලාද වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබයි.
කොමඩුවල ඖෂධීය වටිනාකම
ආයුර්වේදයේ ඈත අතීතයේ සිටම කොමඩු ගැන සඳහන්ව ඇත. සූශ්‍රැත සංහීතාවේ මේ පිළිබඳව හොඳින් දක්වා තිබෙන අතර මෙහි කැකිරි සහ තියඹරා ආදියට සමාන ගුණ ඇති බව දක්වා ඇත.
කොමඩු ගෙඩියේ මදය
රසයෙන් මධුර වන අතර ගුණයෙන් විෂ්ඨම්භී ගුණ ඇත. විපාකයෙන් මධුර වේ.
මෙයින් සෙම වඩන අතර පිත සමනය කරයි. මෙමඟිින් මළ මූත්‍ර හොඳින් බැහැර කරයි. රත්පිත් දැවිලි මූර්ජා ආදියද පහ කරන අතර මුත්‍රකාරකය. එසේම බඩගිනි වඩන අතර හදවතට හිතකාරීයි. බඩපිපුම් දුරු කරන අතර ප්ලීහා රෝග නසයි. මෙම ප්‍රයෝග අතරින් කිහිපයක්ද උණ රෝග අවස්ථාවල කොමඩු යුෂ ග්ලූකෝස් හෝ මී පැණි සමඟ යොදයි. කොළරා අතීසාර පාචනය වමනය අරුචිය ආදියට කොමඩු යුෂ දෙහි ඇඹුල් සමඟ යොදයි. හදවත් රෝග සහ වකුගඩු රෝග ආදියට කොමඩු යුෂ වීදුරුවකට මී පැණි මේස හැදි 1ක් දමා බීමට දීම ඉතා ගුණදායකය. ගබ්සාවෙන් ඇතිවන ලේ ගැලීම් නතර කරලීමට කොමඩු වැලේ මුල්වල යුෂ ප්‍රයෝග කරයි. උදරාබාධ සඳහා සහ ශාරිරීක පෝෂණය සඳහා ද ගුණදායකය.
කොමඩු ඇට බැද කෑම ඉතා ගුණදායකය. විශේෂයෙන් ඉතා හොඳ මුත්‍රකාරක ද්‍රව්‍යයකි. කොමඩු සඳහා යුරෝපය, ජපානය වැනි රටවල විශාල ඉල්ලුමක් පවතියි. එනිසා කොමඩු අපනයනයෙන් විශාල ආර්ථික වාසියක්ද ලබා ගත හැක. මෙනිසා කොමඩු යනු ආහාරමය වශයෙන් විශිෂ්ට ගුණ දෙන පලතුරකි.
පහසුවෙන් සපයා ගත හැකි මෙවන් ඖෂධාහාර නිතර පරිභෝජනයට ගැනීමෙන් ශාරීරික නීරෝගිතාව රැකගත හැකිවනු ඇත.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ
කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන