වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ස්වසන ආසාදනයක් හේතුවෙන් හටගන්නා නිව්මෝනියාව
නිව්මෝනියාව සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ පෙණහලුවල ඇතිවන ආසාදන තත්ත්වයකි. මෙම ආසාදනය ඇති වන්නේ වෛරස බැක්ටීරියා සහ පරපෝෂිතයින් ආදී විවිධ ක්ෂුද්‍රජීවීන් මඟිනි. බොහෝවිට මෙම රෝගී තත්ත්වය හටගන්නේ නාසය උගුර වැනි ස්වසන පද්ධතියේ ඉහළ කොටසේ ඇතිවන ආසාදනයක් හේතුවෙනි.
නිව්මෝනියාවේ භයානක තත්ත්වයක් වන්නේ උන්හිටිගමන් මිය යා හැකි තත්ත්වයක් පැවතීමයි. ස්වසන පද්ධතියේ ඉහළ කොටසේ ඇතිවන රෝගී අවස්ථාවේ දී බෙහෙවින් උගුර වනවීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැලදීමෙන් දින දෙක තුනකින් පසු නිව්මෝනියාව වැලඳීමේ රෝග ලක්ෂණ මතුවිය හැකිය. නිව්මෝනියාවට ගොදුරුවන දරුවන්ගේ වයස හා නිව්මෝනියාව වැලඳීමට හේතු වූ කරුණු සොයා බැලීමේ දී රෝගයේ රෝග ලක්ෂණ වෙනස්ව පෙන්නුම් කෙරේ. මෙහිදී රෝගියාගේ රෝග ලක්ෂණවන්නෙ උණ, ශීතල ගතිය වරින්වර වේගයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම, පපුවේ දැඩි මහන්සි ගතියක් ඇතිවීම මහත් ආයාසයෙන් හුස්ම ඉහළ පහළ දැමීම ද වේ. වමනය, පපුවේ වේදනාව, උදරයේ වේදනාව, කම්මැලිගතිය, කෑමට පි‍්‍රයක් නොමැතිවීම, තොල් සහ නිය නිල් වර්ණවීම, දැඩි ලෙස හුස්මගැනීමේ තත්ත්වය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ උදරයට ආසන්න පෙණහලුවල පහළකොටසේ නිව්මෝනියාව හටගත්විටය.
බැක්ටීරියාවක් හේතුවෙන් නිව්මෝනියාවක් වැලදුණු විට හදිසියේ උණ ගනියි. තරමක් වේදනා ඇති කරමින් වේගවත් අයුරින් ආශ්වාස ප්‍රාශ්වාස කරයි. රෝගී තත්ත්වයද බෙහෙවින් වැඩි වේ. වෛරසයක් හේතුවෙන් නිව්මෝනියාව වැලඳුණුවිට රෝග ලක්ෂණ පහළවන්නේ ටිකෙන් ටිකය. බැක්ටීරියාවක් නිසා ඇතිවන නිව්මෝනියාව තරම් දරුණු තත්ත්වයක් ඇති නොවේ. වෛරසය මඟින් වැලඳෙන නිව්මෝනියාව පපුවේ මහන්සිය අධික ලෙස ඇති කරයි. කක්කල් කැස්ස නිසා ඇතිවන බැක්ටීරියාව නිසා හට ගන්නා නිව්මෝනියාවේ දී ළදරුවාට එක දිගටම නොනවතින කැස්ස ඇතිවේ. වාතය අඩුවීම නිසා නිල්පැහැ ගැන්වීම හෝ හුස්ම ගැනීමේ අපහසුවෙන් වේදනාවෙන් කෑගසයි. නිවසේ සිටින අයකු ස්වසන පද්ධතියේ ආසාදනයකින් හෝ උගුරේ ආසාදන තත්ත්වයකින් හෝ පසුවන්නේ නම් ඔහු හෝ ඇය හෝ රෝගී දරුවා ගැන වඩාත් සැලකිලිමත් විය යුතු ය. නිව්මෝනියාව යනු පෙනහැල්ල ආසාදනයට ලක්වීමයි. ආසාදනයට ලක්වී ඇතැයි කියන විට හැඟී යන්නේ විෂබීජ ඇතුල්වීමක් සිදුවී ඇති බවයි. පෙණහැල්ලට විෂ බීජයක් ඇතුල් වූ විට සිදුවන්නේ පෙණහැල්ලේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමයි.
ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරන පද්ධතිය ක්‍රියාත්මක වන්නේ ඇතුළු වූ විෂබීජය අක්‍රීය කිරීමටයි. මෙසේ වන සිදුවීමේ දී නිව්මෝනියා තත්ත්වයට මඟ පෑදේ. නිව්මෝකොකස් හා හිමොපිලස් නමැති විෂබීජ දෙක තමයි ප්‍රධාන වශයෙන් නිව්මෝනියාව ඇති කරන්නේ. මේ විෂ බීජ සාමාන්‍යයෙන් වාතයේ පවතී. ඒවා එසේ සාමාන්‍ය වාතයට එකතුවන්නේ තවත් නිව්මෝනියා රෝගියකුගෙන්මයි. එය භයානක තත්ත්වයකි. නිව්මෝනියා රෝගියකු සිටින පරිසරයක දී වාතය ආශ්වාසවීමෙන් විෂබීජය අන් අයගේ ශරීරයට ශරීරගත විය හැකියි. මෙසේ ශරීරගතවන විෂ බීජය වැඩෙන්නේ මනුෂ්‍ය ශරීරය තුළදී ය. විෂබීජය ශරීරයට එක් වූ විට එය පිට කිරීමට ශරීරය තුළ දී ඇතිවන තත්ත්වය අනුව කැස්සක් ඇතිවේ. මේ විෂබීජය පෙණහැල්ලට හෝ ඒ ආශි‍්‍රතව අවයවයන් වෙත ඇතුළු වුණාම කැහැලා පිට කිරීමට දැඩි වෙහෙසක් ගන්නවා. ඒ අනුව බලන විට නිව්මෝනියාවේ මූලික ලක්ෂණයක් වන්නේත් කැස්ස ඇතිවීමයි. නිව්මෝනියා තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීමෙන් එය සුවකර ගත හැකියි. එහෙත් සමහර අවස්ථාවල ආසාදිත බැක්ටීරියාවන්ගේ තත්ත්වය අනුව රෝගියාගේ වෙනත් රෝගයන් අනුවත් නිව්මෝනියාවට ප්‍රතිකාර කළත් මිය යා හැකි ය.
මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි