වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ස්වාභාවික පළිබෝධ නාශක
ලෝකයේ උප්පත්තිය අනුව සලකා බැලීමේදී මූලිකව අප හට පෙනෙන්නට තිබෙන සංකල්පය වන්නේ ඇති වීම හා නැති වීමයි. සියලුම දේ ඇති වෙනවා මෙන්ම නැති වීමත් සිදු විය යුතුයි.
මෙම නැති වීමේ සංකල්පය දෙස බැලීමේදී ද්විධාකාරයෙන් ස්වාභාවික අස්වාභාවික වශයෙන් හැඳින්විය හැකිය.
වෙනත් ජීවියකු විසින් යම්කිසි දෙයක් විනාශ කිරීම නැතහොත් යමෙකු විසින් යම් දෙයකට හානියක් සිදු කිරීම කරන්නේ නම් එය පළිබෝධ වශයෙන් හඳුන්වයි.
මෙවැනි පළිබෝධයන්ගෙන් ආරක්ෂා කිරීමට කරනු ලබන ක්‍රියාව පළිබෝධනාශක වශයෙන් හැඳින්වේ.
මේ අන්දමින් අප හට ප්‍රයෝජනවත් යම් යම් දේවල් පළිබෝධිතයන් විසින් විනාශ කිරීම නිසා ඇතිවන අපහසුතාවය මානසික හා ආර්ථික වශයෙන් බලවත් සේ පීඩාවට පත් කරයි.
සතුන්ගෙන් වන හානි
අපට බොහෝ විට කෘමීන් හා පණුවන්ගෙන් පැමිණෙන හානි විශාලය
මිනිසා ඇතුළු සත්වයන්ට, ශාක වර්ගවලට සිදුවන පළිබෝධ හානි
හේතුවෙන් සිදුවන ව්‍යසනය කොතෙකැයි කියා නිම කළ නොහැකිය. මිනිසා හා සත්වයන් වශයෙන් ගත් කල උකුනා , මැක්කා. කිනිතුල්ලා යන පළිබෝධයින්ට ප්‍රමුඛස්ථානය ලැබෙන අතර අභ්‍යන්තර වශයෙන් කොකුපණු, පටිපණු. ආදී පළිබෝධිතයින්ද සැලකිය හැකිය.
ශාක වර්ගවලට හානි කරන පළිබෝධියන් අතරින් කෘෂි කර්මාන්තයේදී බහුලව දක්නට ලැබෙන හානිද මෙහිදී පත්‍රවලට, දලුවලට හා මල්වලට සිදුවන හානි විශාලය. තවදුරටත් බැලීමේදී මෙරට ප්‍රධාන වැවිලි භෝග වන පොල් ගසට ඇතිවූ “මයිටා” වසංගතය හා රබර් ගසේ කොළ කොඩවීමද බලපානු ලැබේ.
නවීන විද්‍යාවෙන් මෙම පළිබෝධ ලෙසින් බැක්ටීරියා දිලීර යනුවෙන් වර්ගීකරණය කරනු ලැබ ඇත. මේ අනුව එම පළිබෝධිතයන් විනාශ කිරීම සඳහා රසායනික සංයෝගයන් ගෙන් අන්තර්ගත පළිබෝධ නාශක නිෂ්පාදනය කරන්නට ආරම්භ කර ඇත.
බොහෝ විට මෙම රසායනික පළිබෝධ නාශකයන් අප ශරීර අභ්‍යන්තරයට අතිශය හානි කරනවා පමණක් නොව ජීවිතයට පවා හානි විය හැකිය.
නවීන විද්‍යාත්මකව මෙම පළිබෝධිතයන් මර්දනය සඳහා එවන් රසායනික සංයෝග නිෂ්පාදනයට ප්‍රථමයෙන් අතීතයේදී මේ සඳහා උපයෝගී කර ගත්තේ ස්වාභාවික ක්‍රමයන්ය.
ස්වාභාවික පළිබෝධනාශක අතරින් ප්‍රමුඛ ස්ථානයට සැලකිය හැකි නාශකයක් වන්නේ කොහොඹ ගසයි.
කොහොඹ ගසේ පොතු, මුල්, කොළ, ගෙඩි හා තෛලය පළිබෝධ නාශක වශයෙන් යොදා ගන්නා අතර ශාරිීරිකව අභ්‍යන්තරයට ගැනීමත්, බාහිර සේදිමත්, ආලේප වශයෙනුත් යොදා ගනු ලබන අතර කෘෂිකර්ම කටයුතුවලදී යුෂ හා ස්වරසය යොදා ගනී. තවද ඵලයන් කල් තබා ගැනීම සඳහා සකස් කිරීමේදී හානි කරන ගුල්ලා , ඉපියා වැනි පළිබෝධිතයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇසුරුම් අතරට කොහොඹ කොළ යොදා ගෙන ඇත.
ශාරිරිකව ඇතිවන කිනිතුල්ලන්, මැක්කන් මර්දනය සඳහා අමුකහ මිශ්‍රකොට කොහොඹ හා පාවට්ටා කොළ තැම්බූ වතුරින් සේදීම් කර ඇත.
උකුණන් මර්දනය සඳහා කුඩලු ගෙඩි උලුහාල් සමඟ තම්බා පොඩි කර හිසේ ගෑම සුදුසුය. මැසි මදුරුවන් සඳහා මදුරුතලා පිලිස්සීම් හා දුම් ඇල්ලීමද කැකුණ මල් දුම් ඇල්ලීමද සුදුසුය.
කුස්සියේ ඇතිවන කෘමි විශේෂ මර්දනය සඳහා මඩුමල් උපයෝගී කරගෙන ඇත. මීයන් මර්දනය පිණිස වැටමාර මල් යෙදීම මගින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇත.
කුඹුරු ගොවිතැන් සඳහා ගොයම් වගාවට හානි කරන පළිබෝධිතයින් මර්දනය කිරීම සඳහා කොහොඹ මල් ගෙඩි හා කොළ යොදා ගත් අතර ස්වාභාවික අන්දමින් ජලය හිස් කිරීම (තුන්දා නීති ක්‍රම) මඟින් කර ඇත. මීට අමතරව විවිධ කෙම් ක්‍රම මඟින්ද ස්වාභාවික නාශකයක් උපයෝගි කර ගන්නා අවස්ථාද ඇත. හරකුන්ගේ පණු ගෙඩි සඳහා අබ පිලිස්සීම, මයිටා උවදුර සඳහා බූරුවන් කෑගැස්සීම ආදි ක්‍රම උපයෝගී කර ගෙන ඇති අතර සර්පයින්ගෙන් මිදීම සඳහා මන්ත්‍ර භාවිතයද එයට අමතරව අඳු කොළ තළා ඉසීම, මුරුංගා පොතු තළා ඉසීම මුරුංගා පොතු තළා ඉසීම ඵලවරා මුල් නිවසේ තැන්පත් කර තැබීම මගින් පළිබෝධියන්ගෙන් ආරක්ෂා විය හැක.
තවද ඵල දරන භෝගවල ඵලයන් රැක ගැනීම සඳහා පිරිත් පැන් ඉසීම වතුර මතුරා ඉසීම හා විවිධ කෙම් ක්‍රම යොදා ගෙන ඇති බව දක්නට ඇත.
මේ අතරින් අපගේ ශරීරය මෙන්ම ජීවිතයටත් ප්‍රයෝජනවත් වන හා උපයෝගී කර ගන්නා බාහිර වස්තුනුත් විනාශ කරන පළිබෝධිතයන් මර්දනය කර ඔවුන්ගෙන් ආරක්ෂාකාරි වීමට මෙලෙස සඳහන් කරන ලද විවිධ ස්වාභාවික නාශකයන් පිළිබඳ අවබෝධාත්මක පරිසරයක් ඇත්නම් නවීන රසායනික සංයෝග මඟින් ඇති කරනු ලබන ශාරීරික හානි ප්‍රමාණයක් අවම කර ගැනීමේ හැකියාව අප හට ලබා ගත හැකිය.
මෙම පළිබෝධිතයන් ලෙසින් සත්ව මෙන්ම ශාක වර්ගද බහුලව දක්නට පුළුවන. මේ අතරින් යම් යම් ශාකවල ඇතිවන පිළිලයක් මෙන්ම කෘෂි කර්මාන්තයේදී දක්නට ලැබෙන වල් පැළෑටි නම් කළ හැකිය.
උක්තාකාරයෙන් අපගේ ශරීරයට හා අප විසින් පරිභෝජනය සඳහා උපයෝගී කරගන්න දේවල් විනාශ කරනු ලබන හෙයින් හානි පමුනුවන පළිබෝධිතයන් මර්දනය හා විනාශ කිරීම සඳහා විවිධ ක්‍රම ආදිවාසීහු උපයෝගී කරගෙන ඇත.
උපදෙස්
වෛද්‍ය ආර්.ජී.සේනාරත්න
වෛද්‍ය දේශපි‍්‍රය අභයවර්ධන
මහරගම පර්යේෂණ ආයතනය
සටහන
ජයන්ති කුරේ