වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
සෞභාග්‍යා ගෙවත්තට පෝෂණීය ඔසු පැළයක්
ගහ කොළ නිසා අවට පරිසරය සුවදායක වේ. එමෙන්ම ගෙවතුවල ඖෂධ පැළ වගාකිරීමෙන් එහි පවතින ඖෂධ ගුණය වහනය වීමෙන් නිරෝගිතාවය ඇති කෙරේ. ඖෂධීය ශාක මෙන්ම පෝෂණීය ඔසු පැළ විවිධ රෝගාබාධ සමනයට ද හේතුවක් වේ. විශේෂයෙන් අනාදිමත් කාලයක සිට අපේ වැඩිහිටියන් තම ගෙවතුවල ඖෂධ පැළ, එළවළු, පලතුරු, පලාවර්ග , කුළුබඩු පැළ, මල් පැළ මෙන්ම දැව වර්ග ද අලංකාරයක් ගෙන දෙන පරිදි වගාකොට ජීවත්වීමේ මාර්ගයක් පවා ඇතිකර ගත්හ.
එහෙත් වර්තමාන සමාජයේ දූ දරුවන් වගාවට එතරම් කැමැත්තක් දක්වන බවක් නොපෙනේ. මේ නිසා රජය මගින් සෞභාග්‍යා ගෙවත්තට පෝෂණීය ඔසු පැළයක් ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ඉන් මුළු මහත් රටම කුමක් හෝ පැළයක් වගාකිරීමට දිරිමත් විය.
කෝමාරිකා හෙවත් කුමාරි ඖෂධ ගුණයෙන් ඉහළ ලිලියේසියෝ ශාක පවුලට අයත් කෝමාරිකා වර්ග එකසිය පනහක් පමණ ඇත. දකුණු අපි‍්‍රකාවට ආවේණික ශාකයක් ලෙස සැළකෙන එය උණුසුම් වියළි ප්‍රදේශවල ඉතා හොඳින්ම වගා කළ හැක. කෝමාරිකා ශාකයේ නළ ආකාරයෙන් විහිදී ගිය ශාක පත්‍රවල මැද ඇති යුෂවල ඇලොයින් අඩංගු වේ. එය විවිධ රූපලාවණ්‍ය ද්‍රව්‍ය මෙන්ම ඖෂධ නිපදවීම සඳහා ද ගනු ලබන ප්‍රබල ඖෂධයකි. හොඳ අස්වැන්නක් ලබාගැනීමට වසර තුනක කාලයක්වත් ගතවේ. කෝමාරිකා මල්පෝච්චියක, ගෙවත්තේ පාත්තියක වුවද වගා කළ හැකි ආදායමක් ලබාගත හැකි ඖෂධයකි.
කෝමාරිකා විටමින් වර්ග දොළහකිනුත්, ඇමයිනෝ අම්ල දහඅටකිනුත්, ඛනිජ ද්‍රව්‍ය විස්සකිනුත් සමන්විතය. කේමාරිකා ඖෂධයේ විශේෂත්වයක් වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ බලයක් ද පැවතීමයි. තුන්දොස් සමනය කරන ඉදිමුම, දැවිල්ල නසන තුවාල සුවකරන බඩගින්න ඇතිකරන ආහාර දිරවීම පහසුකරන ලේ පිරිසිදු කරන අක්මාවේ ක්‍රියාකාරිත්වය දියුණු කරන වේදනා සමනය කරන කෝමාරිකා මුත්‍රා කාරක ද වේ. මිනිස් සිරුරට අවශ්‍ය ඇමැයිනෝ අම්ල විසිදෙකෙන් විස්සක්ම කෝමාරිකාවල අඩංගු වේ. එමෙන්ම ප්‍රෝටීන් බහුල ඖෂධයක් වන මෙය පිළිකා නාශකයක් ද වෙයි. කෝමාරිකා අති ප්‍රබල ඖෂධයක් වශයෙන් සැළකීමේදී එහි විටමින් ඒ.සී.ඩී. ඊ හා විටමින් රැසක් අඩංගුවන අතර මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම් , සින්ක් හා යකඩ අඩංගු වේ. රක්තහීනතාව ප්‍රතිශක්තිය වැඩිකිරීමට අමාශගත තුවාලවලට, අර්ශස්වලට, දියවැඩියාවට ඖෂධයක් ලෙස භාවිතා කරයි. මේ නිසා වෙළඳපොළ තුළ කෝමාරිකා ඉල්ලුම වැඩි වෙමින් පවතී. මේ නිසා කෝමාරිකා වගාවක් ලෙස වැවීමට හැකිනම් හොඳ ආදායමක් ලබා ගත හැකිය. කෝමාරිකා නිසරු මුඩුබිම්වල ගල් සහිත පොළොවේ වියළි පසේ වගා කළ හැකිය. මෙහි ප්‍රධානතම කරුණ වන්නේ පොහොර ගෙවත්තෙන්ම සකස් කර දැමීමට හැකිවීමයි.
මල් බඳුන්වල උර කවරවල පාවිච්චියට නොගන්නා මැටි භාජන වල ද හොඳින් වගා කළ හැකි කෝමාරිකා වගාවක් ලෙස සිටුවන්නේ නම් හොඳ ආදායම් මාර්ගයක් ඇතිකර ගත හැකිය. ගෙවත්තේ වගා කරන්නේ නම් බිම සකස් කර පැළ සිටුවීමට දින කීපයකට පෙර පොළොව උදලු ගෑම කළ යුතුය. එසේ බිම සකස් කළ යුත්තේ වල් පැළෑටි ඉක්මනින් වැවීම නතර කිරීමයි. සිටුවන ලද පැළ දෙකක් අතර පරතරය අඩු වශයෙන් අඩි දෙකක්වත් විය යුතුය. පැළ පේළි දෙකක් අතර පරතරය අඩි දෙක හමාරක්වත් තිබිය යුතුවන අතර උදැල්ලකින් සකස්කර ගන්නා කුඩා වළවල්වල පැළ සිටුවිය යුතුය. පැළයේ මුල් අදින තෙක් දින හතක් පමණ දිනකට දෙවරක් ජලය දැමිය යුතුය. මෙසේ ජලය යෙදිය යුත්තේ පැළ සිටුවන කාලය වියළි නම් පමණකි. පැළ පොහොර ලෙස කාබනික පොහොර, කොළරොඩු ,වැටමාර, අතු ගොම පොහොර පමණක් යොදා ගත හැකිය. රසායනික පොහොර නොදැමිය යුතුය. ජලය යෙදීම ද කළ යුත්තේ මුල් අවදියේ පමණකි.
කෝමාරිකාවල වැඩුණූ පඳුරකින් නව අංකුර ගලවා ඉවත්කරගෙන රෝපණ ද්‍රව්‍ය වශයෙන් භාවිත කළ හැකිය. කෝමාරිකා ශාකය පෝච්චිවල හෝ උරවල වගා කරන්නේ නම් වියළි සෙවණ සහිත ස්ථානයක තබන්න. මනාව ජල පාලනයකින් යුතුව පවත්වා ගත යුතුය. අධික තෙත සහිත හා වැසි සහිත අවස්ථාවලදී දිලීර හා බැක්ටීරියා ආසාදනයන්ට ලක්විය හැකිය. පැළ සිටුවා මාසයකින් පසුව නැවත කාබනික කොම්පෝස්ට් පොහොර යෙදීමෙන් සාර්ථක වගාවක් ඇතිවේ. එමෙන්ම කෝමාරිකා පැළයක් මල් බඳුනක හෝ උරයක පැළකර තබා ගැනීමෙන් ක්ෂණිකව ඇතිවන යම් යම් රෝගාබාධයන්ට ප්‍රතිකාර වශයෙන් භාවිතයට ගත හැකිය. ගින්නෙන් හෝ උණුදියෙන් පිලිස්සුණහොත් කෝමාරික මදයට තේ කහට වතුර මිශ්‍රකර ගෑමෙන් වේදනාව අඩුවේ. සමේ කැසීම් වලදී මෙන්ම සමේ වියළි බවට ද කෝමාරිකා මදය ආලේප කිරීමෙන් සුවදායකත්වයක් ඇතිවේ.
කෝමාරිකා