වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
අධි රුධිර පීඩනයට අනඟි ඔසුව සුදුලූනු
සුදුලූනුවල අඩංගු රසායනික ගුණයන් දන්තවේදනා (දත් කැක්කුම) සුවකිරීමට ද යෝග්‍යය. සුදුලූනු තෙල් හෝ පොඩිකරන ලද සුදුලූනු ස්වල්පයක් ආබාධිත දත මත හෝ කුහරය තුළට දැමීමෙන් දත් කැක්කුමෙන් ක්ෂණික සුවය ලබා ගත හැක.
සුදුලූනු යයි කී විටම අපේ මතකයට නැගෙන්නේ සැර ගන්ධයක් සහ සැර රසයක් සහිත අලයක් සහිත පැළෑටියකි. සුදුලූනු කෑවිට එහි ගන්ධය බොහෝ වේලාවක් මුඛයේ රැඳී තිබෙන නිසා බොහෝ පිරිසක් සුදුලූනු කෑමට මැලිකමක් දක්වති.
එහෙත් එහි ඇති ඖෂධීය ගුණය ගැන දන්නා පිරිස් සුදුලූනු අමුවෙන්ම කෑමට ගනිති. වසර දහස් ගණනක් තිස්සේ ඖෂධයක් වශයෙනුත් මුළුතැන්ගේ ව්‍යාංජන රසකරන සොබාවික රසකාරකයක් වශයෙනුත් සුදුලූනු අපට කිසිදා අමතක කළ නොහැකි ඖෂධයකි. එහි අඩංගුව ඇත්තේ ඇලිසින් නමැති විෂබීජනාශක, දිලීරනාශක රසායනයකි.
සුදුලූනු දිනපතා ආහාරයට ගැනීමෙන් අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් රුධිරගත සීනි, පාලනය කරන අතර ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම ද සිදුවේ. ඒ හැර ගලනාලයේ, ආමාශයේ හා මහ බඩවැලේ රෝගී තත්වයන් ද අඩුකරනු ලබයි. පිසින ලද සුදුලූනු, සුදුලූනු අච්චාරු, සහ පරණවූ සුදුලූනුද ආහාර සඳහා ගැනීමට යෝග්‍ය වේ. කැස්ස සහ උඩු ස්වසන මාර්ගයේ වේදනාවන් ද සමනය කිරීමේ පුදුම ශක්තියක් සුදුලූනු වල ගැබ්ව ඇත. දියවැඩියා රෝගයේ සීනි ප්‍රමාණය, ඉන්සියුලින් වැඩිපුර මුදාහැරීමෙන් පාලනය කිරීමට ද සුදුලූනු උපකාරිවේ. දිනකට සුදුලූනු මි.ග්‍රෑ. 600-900 අතර, දිනපතා ආහාරයට ගැනීම යෝග්‍ය බව වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු වී ඇත. එසේ ගැනීමෙන් ධමනිවල තාර බැඳීම 5-18 % ප්‍රමාණයකින් අඩු කෙරේ. එබැවින් බොහෝ ආබාධයන්ට ගුණදෙන පුරුෂ ශක්තිය වඩවන, හම රැළි වැටීම වළක්වා තරුණභාවය රකින සුදුලූනු දිනකට මි.ග්‍රෑ600 පමණ ආහාරයට ගැනීම වෛද්‍යවරු නිර්දේශ කරති.
සුදුලූනුවල අඩංගු රසායනික ගුණයන් දන්තවේදනා (දත් කැක්කුම) සුවකිරීමට ද යෝග්‍යය. සුදුලූනු තෙල් හෝ පොඩිකරන ලද සුදුලූනු ස්වල්පයක් ආබාධිත දත මත හෝ කුහරය තුළට දැමීමෙන් දත් කැක්කුමෙන් ක්ෂණික සුවය ලබා ගත හැක.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>