ගුරු ධනු රාශියට බාධක මැදින් දියුණුවට

ජූලි 3, 2020

2020 ජුනි 30 ගුරු හෙවත් බ්‍රහස්පති ස්වකීය ස්වක්ෂේත්‍ර රාශියක් වන ධනු රාශියට පිවිසුනි. ගුරු හිරුට පමණක් දෙවැනි වේ.

 සෑම දෙයක්ම පතුරුවන විශාල කරන ග්‍රහයා ගුරු වෙයි. මිනිසාගේ වැඩිදියුණුවට උසස් වීමට වුවමනා සියලු දේට ගුරු බලපවත්වයි. සෞඛ්‍ය ගති ඥානය අනුකම්පා සහගත බව යුක්තිගරුබව මතු දියුණුව ගෞරවය ස්ථිර බව ආදී උසස් ගුණධර්මවලට ගුරු බල පවත්වයි. තවත් බොහෝ යහපත් දේවල් ගුරුගෙන් ලැබේ. 

ගුරු ධනු රාශිගතවීමෙන් ජනතාව ප්‍රබෝධයට පත්වන අතර අභිවෘද්ධියද සැලසේ. බාධක මැදින් දියුණුව ඇති කරයි. පෘථුල අදහස් මතුවී කෙළින් සෘජුව වැඩ කරන අදහස් මතුවේ. අලුත් දේවල් රටතුළ බිහිවේ. ආරම්භ කරන හැමදේම නිසිලෙස නිමවේ. හැම තැනම කඩිසරකම ක්‍රියාසූරත්වය ඇතිවේ. රට වැසියාට දියුණුවේ ඵල ප්‍රයෝජන අත්ෙවේ. 

මේෂ, මිථුන, සිංහ, කන්‍යා, ධනු, මීන ලග්නවලට ගුරු හංස යෝගය උදාවේ. වෘශ්චික, කුම්භ ලග්නවලට ද සුබය. වෘෂභ, කටක, මකර ලග්නවලට සමපල දායක වේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.