2023.10.09 සඳුදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 9, 2023

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 05.59
රාහු කාලය - උදේ. 07.28 - 08.58
සුබ දිශාව - උතුර

මේෂ

සැනසිලිදායක බව අඩු වී යන දිනයකි. නිතර වෙහෙස මහන්සි වී කරන කටයුතු අධික කරයි. දරුවකුගේ කටයුතු නිසා සිතේ නොසන්සුන්තාවයක් අත් කරයි. වගකීම් බහුල වන දිනයකි.

වෘෂභ

ගේ දොර කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. නිතර විනෝදයට බරව කටයුතු කරන දිනයකි. හදිසි ගමනකට සහභාගිවීමට කටයුතු සැලසේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

මිථුන

ශාස්ත්‍රීය කටයුත්තකට වෙහෙසෙන දිනයකි. පපුව උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ගේ දොර කටයුතු ක්‍රමවත් කර ගැනීමට වෙහෙසක් දරන දිනයකි.

කටක

අලුත් පිරිසක් දැන හඳුනාගැනීමට අවස්ථාව උදා කරයි. හිතවත් කෙනකු තමා සොයාගෙන එන දිනයකි. සමාජ ආශ්‍රයට යොමුවන අතර ගේ දොර සැප පහසුවට කරුණු ඇති කරන බවක් පෙනේ.

සිංහ

සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙනු ඇත. මිල මුදල් ලාභ හිමිකරන බවක් පෙනේ. පී‍්‍රතිමත් ගමන් යෙදෙන අතර විනෝදයට සිත ඇදී යන දිනයකි. අන් අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

කන්‍යා

අලුත් පිරිසක් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසේ. වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන දිනයකි. රැකියා කටයුතුවල දියුණුවක් දැකිය හැකිය. සෙම් රෝග හේතුවෙන් පීඩාකාරී බවක් ඇතිකරයි.

තුලා

නිතර ගමන් බිමන් යෙදෙනු ඇත. හිතවත් අයකුගේ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකියි. අමුත්තකු මුණ ගැසීමට අවස්ථාව උදාකරයි. විවාහ ස්ථිරවීමක් වැනි සුබදායක කටයුත්තකට යහපත් දිනයකි.

වෘශ්චික

යොදාගත් කටයුතුවල ප්‍රමාදතාවයක් සිදුකරයි. පල ප්‍රයෝජන නොමැති දෙයට වියදම් කරන බවක් පෙනේ. පවුලේ ගැටලුකාරී බවක් දුරදිග යන දිනයකි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ වැඩිපුර සොයාබැලීමක් කළයුතු බවක් පෙනේ.

ධනු

එදිනෙදා කටයුතුවලට බාධාගෙන දෙන බවක් පෙනේ. යොදාගත් සැලසුම් කීපයක් මඟහැරී යයි. දරුවන් පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. දුර ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී.

මකර

ලෞකික සැප සම්පත්වලට බාධාගෙන දෙන බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු කළත් තමා බලාපොරොත්තු වූ ලෙස ප්‍රතිඵල අත් නොකරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති ගනුදෙනුවක් සාර්ථකවන දිනයකි.

කුම්භ

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරයි. පී‍්‍රතිය සතුට ගෙනදෙන සිදුවීම්වලට මුහුණපෑමට සිදුවෙයි. දුර දිග බලා ගන්නා තීරණයක් සාර්ථක කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි.

මීන

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරයි. කණ්ඩායම් වැඩ සටහන් කීපයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ. සැපපහසු ලෙස කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන දිනයකි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.