2024/10/11 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 11, 2024

 

ඉර උදාව පෙ.ව. 05.57
ඉර බැසීම ප.ව. 05.57
රාහු කාලය උදේ 10.27 - 11.57
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. උසස් අයගේ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි. වගකීමකින් නිදහස උදා කරයි.

වෘෂභ

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. අමනාප වූ කෙනකු සමඟ මිතුරුවීමට අවස්ථාව සැලසේ. අමතර ලැබීම් සහිත දිනයකි.

මිථුන

ලිපිලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. ඥාති උපකාරයකට කටයුතු උදා කරයි.

කටක

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි. හදිසි ගනුදනෙුවකට මග සැලසෙයි.

කටක

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි. හදිසි ගනුදෙනුවකට මඟ සැලසෙයි.

සිංහ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන බවක් පෙනේ. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි.

කන්‍යා

අතමිට මුදල් ගැවසෙන දිනයකි. අමතර වියදම් බහුල කරයි. විශ්වාසවන්ත බැඳීමකට කරුණු සැලසේ. දුරදිග බලා කටයුතු කරන්න.

තුලා

පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන බවක් පෙන්නුම් කරයි. අමතර ගමන් බහුල දිනයකි. පොත්පත් කියවීමට වැඩි රුචිකත්වයක් දක්වයි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. අලුත් ආදායම් මාර්ගයකට කටයුතු උදා කරයි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා ආහාරපාන ගැනීමේදී සැලකිලිමත්වන්න. චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

මකර

ගැටලුකාරි බවකින් නිදහස උදාකරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙනේ. හිතවත් අයකුගේ භෝජන සංග්‍රහයකට සහභාගි වීමට අවස්ථාව උදා කරයි.

 

කුම්භ

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. ගැටලුකාරි බවකින් නිදහස සැලසෙන දිනයකි.

මීන

ගතට සිතට සැනසිල්ල උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.