2024/10/18 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 18, 2024

 

ඉර උදාව පෙ.ව. 05.57
ඉර බැසීම ප.ව. 05.55
රාහු කාලය උදේ 10.26 - 11.56
සුබ දිශාව - දකුණ

 

මේෂ

උත්සාහවන්තව කටයුතු සිදු කරයි. කතාව නිසා ප්‍රශ්න මතුවීමට ඉඩ ඇත. සෙම් රෝග, හිසේ ආබාධ මතුවිය හැකි බවක් පෙනේ. නිතර පින් දහම් කටයුතුවල නිරත වෙයි.

වෘෂභ

ගුප්ත කටයුතු කෙරෙහි යොමුවීමක් සිදු කරයි. බාහිර අලංකාරයට කැපී පෙනීමට කැමති බවක් පෙනේ. සමාජසේවා කටයුතු කෙරෙහි වෙහෙසෙන දිනයකි.

මිථුන

රැකියාවේ දියුණුවක් දැකිය හැකියි. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ලිපිලේඛන ගැටලුවකින් නිදහස්වීමට කරුණු උදාකරයි. අවිවේකී දිනයකි.

කටක

තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ.

සිංහ

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත්වන්න. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි.

කන්‍යා

වගකීම් බහුල කරයි. අමතර වියදම් අධික කරන බවක් පෙනේ. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරයි.

තුලා

ගතට සිතට ශක්තිය ධෛර්ය ඇති කරයි. අරපිරිමැස්මෙන් කටයුතු කරන බවක් පෙනේ. බලාපොරොත්තු නොවූ ලෙස අසනීප තත්ත්වයක් ඇති කරයි.

වෘශ්චික

අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණුූ කීපයක් සිදුකරයි. පැවැති අසනීපකාරි බව මඟහැරී යන දිනයකි.

ධනු

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙනේ. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. ප්‍රමාද දෝෂයක් හේතුවෙන් තීරණයක් වෙනස් කිරීමට සිදුවෙයි.

මකර

වගකීම් බහුල දිනයකි. දරුවකුගේ කටයුතු හේතුවෙන් නිවෙසින් බැහැරව සිටීමට සිදුවෙයි. නිතර පිනට දහමට ළැදිව කටයුතු කරයි.

කුම්භ

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. යෝජනා ස්ථිරවීමක් සාර්ථක කරන බවක් පෙනේ. වරින්වර ඇති කරන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

මීන

වගකීම් බහුල කරයි. නොසිතූ ලෙස ප්‍රමාදයක් සිදුවිය හැකිය. වැඩිහිටි අයකුට උපකාරයක් කිරීමට මඟ සැලසේ. උත්සාහවන්තව කටයුතු සිදු කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.